ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගත් විරෝධතා ස‍ඳහා භටයින් 750 කට අධික කණ්ඩායමක් යවන බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු අරක්ෂක ලේකම් මාක් එස්පර් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

ඊයේ වන විට මෙම විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබුණි.

ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වලට ඉරාකයේදී සහ සිරියාවේදී  අමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මෙම විරෝධතා ආරම්භ විය.

අමෙරිකානු පරිශ්‍රවලදී සිදුවන ජීවිත අහිමිවීම් හෝ හානි සම්බන්ධයෙන් ඉරානය මුළුමනින්ම වගකීම දරනු ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

-226-

(එන්.එච්.කේ. ඇසුරෙනි)