ලෙබනනයට ලබාදෙන ඩොලර් මිලියන 105 ක ආරක්ෂක ආධාර අත්හිටුවීමට අමෙරිකානු රජය තීරණය කර ඇත.
ලෙබනන හිටපු අග්‍රාමාත්‍ය සාද් අල් හරීරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් දින දෙකකට පසු අමෙරිකාව මෙම තීරණය ගෙන තිබේ
කෙසේ වුවත් මෙම තීරණයට එලඹීමට බලපෑ නිශ්චිත හේතුවක් අමෙරිකානු රජය සඳහන් කර නැත
එරට ජනතාවගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන නව රජයක් පිහිටුවීමට සහ දූෂණය අවසන් කිරීමට සහාය දක්වන මෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ලෙබනන දේශපාලන නායකයින්ට අවධාරණය කළේය.
ජාත්‍යන්තර ආධාර සම්බන්ධයෙන් ලෙබනනය මාස ගණනක් පුරා විදෙස් පරිත්‍යාගශීලීන් සමග වාද කරමින් සිටියි.
පසුගිය වසරේ පැවති පැරිස් සමුළුවේදී ලෙබනනයට ලබා දෙන බවට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 11 ක මුදල ලබාගැනීමට ද හිටපු අග්‍රාමාත්‍ය හරීරි මහතා අපොහොසත් විය.
(රොයිටර්ස් ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළ ජූලියයි, අපටත් දෙන්නම්, දෙන්නම්, කියලා, අන්තිමේ නැවැත්තුවා කියයිද?