ඇමෙරිකා ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වූ පළමු විවාද වැඩසටහන රූපවාහිනී වාර්තා බිඳහෙළමින් කෝටි 8.4ක් නැරඹු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ මිට වසර 36කට පෙර ජිමි කාටර් සහ රොනල්ඩ් රේගන් අතර පැවැත්වූ විවාදයේ රුපවාහිනී වාර්තාව බිඳහෙළමිනි.එවර එම වැඩසටහන කෝටි 8.06ක් නරඹා තිබිණි. ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා 13ක දත්ත වාර්තා ආශ්‍රයෙන් පමණක් මෙම වාර්තාව සකසා ඇත.ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන දෙවන විවාදය ඔක්තෝබර් 09 වැනි දා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් මහත්තයා දිනුවොත් අපේ රටවල් වලට පොඩ්ඩක් හරි හොඳක් වේවි. ඒත් හිලරි දිනුවොත් නම්, අපේ රට කෑලි කීයකට කඩලා නතරවෙයිද දන්නේ නැහැ. (නි)
ට්‍රම්ප් බලයට පත්වුණොත් පොඩි රට වලට විතරක් නොව ලෝකේ හැම රටකටම ලබන්නේ නරක කලදසාවක්! ප්‍රශ්නය තියෙන්නේ ට්‍රම්ප් උදව් කරන්නේ මේ රටේ සුදු ජනතාවට පමණි. මම දන්නා පරිදි මේ රටේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ හඳුන්වන්නේ දුඹුරු පාට ජාතියක් කියලා. ඒ කියන්නේ ට්‍රම්ප් බලයට ආවොත් ඇමෙරිකාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ට දෙයියන්ගේ පිහිට තමා! (නි)
රගින්දගේ දැනුමේ තරම තමා. (ර)
ට්‍රම්ප් ආවොත් සුළු ජාතිකයන්ට ප්‍රශ්න ඇතිවේවි (නි)
දැන් ඔතන ඇමරිකාවේ ඡන්දෙට ට්‍රම්ප් මහත්තයයි හිලරි නෝනයි බොරුවට ගැටුමක් ලෝකෙට පෙන්නලා විවාද කළාට, වැඩක් නැහැ. මෙතන ඔබාමා මහත්තයට නැවත බලයට එන්න යටිහිතේ ආශාවක් තියනවා.
රජින්ද්‍ර, ට්‍රම්ප් දිනුවා නම් ලංකාවෙන් ඇමෙරිකාවට රස්සාවට ගිය හැමෝටම වගේ අාපහු ලංකාවට යන්න වෙනවා. ලංකාවේ අාදායම අඩුවෙනවා. ලංකාවට ලැබුණු කෝටා කැන්සල් වෙනවා. මොකක්ද ඔය කියනවා වගේ වෙන හොඳේ? (නි)
ලංකාවට හොඳක් වෙනවා කියලා රජින්දලා අදහස් කරන්නේ අර වැලිකඩ යන්න සුදුසු ලංකාවේ දේශපාලුවෝ ඇමෙරිකාව ජිනීවා ගෙනියන්න හදනවා, ඒ වුණාට ට්‍රම්ප් එහෙම කරන එකක් නැහැ කියලද? රජින්දලා දන්නේ නැහැ අැමරිකාවේ ජනාධිපතිගේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන්නේ මෙහෙ ප්‍රධාන පක්ෂ දෙකෙන් හදපු කොමිටි එකකින් දෙන නිර්දේශ අනුව මිස පවුලේ අය කියන විදියට නොවේ කියලා. ලංකාව සම්බන්ධ විදේශ ප්‍රතිපත්තිය කවුරු ආවත් වෙනස් වෙන්නේ නැහැ. එක තමා තිත්ත ඇත්ත! (නි)