ගුවන් යානයක් පියාසර කළ ගුවන් නියමු මවක සහ දියණියක ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී ඇත.

කපිතාන් හෝලි පෙතිත් සහ දියණිය පළමු නියමු කෙලී පෙතිත් යන ඔවුන් දෙදෙනා ඇමෙරිකාවේ 'සවුත් වෙස්ට්' ගුවන් සේවයේ ගුවන් නියමුවරියන්ය. 'සවුත් වෙස්ට්' වනු ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් සේවයකි.

ගුවන් නියමු මව සහ දියණියට එක් වී පියාසර කිරීමට ලැබී ඇත්තේ ඩෙන්වර් නුවර සිට ශාන්ත ලුවිස් නුවර දක්වා ගමන් කළ ගුවන් යානා අංක 3658 යානයයි.

මව කෙලී පෙතිත් ප්‍රධාන නියමුවරිය ලෙසත්, දියණිය කෙලී පෙතිත් සහාය නියමුවරිය ලෙසත් කටයුතු කළ අතර, යානය ගුවන් ගතවීමට පෙර මව කෙලී පෙතිත්, මගීන් අමතමින් තම දියණිය ද තමන් සමඟ සිටින බව පැවැසුවේ මහත් ආඩම්බරයෙනි.

(ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)