තම දරුවනට හෙරොයින් එන්නත් කළැයි කියන ඇමෙරිකාවේ වොෂින්ටන්හී තරුණ යුවලකට ළමා අපරාධ චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔවුන්ගේ දරුවන් තිදෙනා නිදි කරවීමට එලෙස කරන්නට ඇතැයි පොලිසිය සැක පලකරයි.

තම මව විසින් සුදු පැහැති කුඩු වර්ගයකට වතුර මිශ්‍ර කර එන්නත් කළ බව එක් දරුවෙකුගේ කටඋත්තරයේ සදහන් වෙයි.කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බව සැකකරුවෝ අධිකරණයේදී කීහ.

දරුවන් තිදෙනා මත්ද්‍රව්‍ය පරීක්ෂණය සදහා යොමු කළ බවත් ඉන් එම චෝදනා තහවුරු වූ බවත් බලධාරීහු පවසති.ඔවුන්ගේ ශරීරයේ තිබී එන්නත් කටු සළකුණු කිහිපයක් ද සොයා ගත් බව කියති.

ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය අපරාධ වැඩි වෙමින් පවතින බවත් මාර්ග අනතුරු සිදුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔවුහු පවසති.මෙවන් පහත් ක්‍රියා හෙළාදැකිය යුතු බවත් නිසි දඩුවම් ලබා දිය යුතු බවත් ළමා අයිතීන් පිළිබද ක්‍රියාකාරීහු පවසති.