ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වැසි සහිත කුණාටුවකින් පසු ඇතිවූ ආසාත්මික තත්ත්වයක් නිසා හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයට ඇදවැටුණු ධාරානිපාත වර්ෂාව සහ තද සුළං සමග මෙම තත්වය ඇතිවූ බවත් ශ්වසන අපහසුතා වලින් සහ ආසාත්මික ඇදුම රෝගය උත්සන්න වීමෙන් දහස්ගනනක් ජනතාව රෝගී වී ඇති බවත් රෝහල් බලධාරීහු පවසති. තිදෙනකුගේ තත්වය බරපතල වන අතර 8000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගෙන ඇත.

වෛද්‍යවරු පවසන්නේ මෙය දුර්ලභ සංසිද්ධියක් බවයි. මෙම ප්‍රදේශ වල විශාල වශයෙන් වැවෙන රයි නම් තණකොල වර්ගය වියැලෙන කාලයට එහි කුඩා කොටස් සුළඟට එක් වී ශ්වසන අපහසුතා ඇති කරන බව ඔවුහු පවසති.

_92679589_mediaitem92679584