ඝාතනය කරන අයුරු සජීවී ලෙස අන්තර්ජාලයට එක් කරමින් පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කළ බව කියන ඇමෙරිකාවේ ඔක්ලහෝමාහී පුද්ගලයෙකු සොයා මෙහෙයුම් ආරම්භ කළ බව එරට පොලිසිය කියයි.
මයිකල් වාන්ස් (38) නම් ඔහු පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද පහර දී තුවාල කර තිබෙන අතර එය ෆේස්බුක් හරහා සජීවි ලෙස අන්තර්ජාලයට එක් කර තිබිණි.පොලිස් රථයක් සොරකම් කළ ඔහු තම හිතවතුන් දෙදෙනකුද ඝාතනය කර ඇතැයි බලධාරීහු පවසති.ඔහු සතුව ඒකේ 47 වර්ගයේ ගිනි අවියක්ද ඇති බව කියති.
ඔහු ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු වන අතර ඔහු කාන්තාවකට වෙඩි තබා ඇයගේ මෝටර් රථය පැහැරගෙන තිබේ.මීට දින කිහිපයකට පෙර ඔහු වෙළදසැලක දී වෙඩිතැබීමක් සිදුකර එක් අයෙකුට තුවාල සිදු කළේය.
ඔහු ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ බන්ධනාගාරගත කර ඇති අතර ඉන් නිදහස් වී ඇත්තේ මීට සති කිහිපයකට පෙරයි.එමෙන්ම ඔහු විවිධ චෝදනා යටතේ කිහිප වතාවක් සිරගත කළ අයෙකි.
ඔහුට රෝගී තත්ත්වයක් ඇති බව පොලිසිය පවසන නමුත් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා නිකුත් කර නැත.මීට පෙර ඔහුට විරුද්ධව ගොනු කර ඇති නඩුවක් ලබන මාසයේදී විභාගයට ගැනීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ ඉන්න ලංකාවෙන් ගිය අය දැන් කියයි මේ ඇමෙරිකාවට මඩ ගහන්න කරපු ප්‍රචාරයක් කියලා. (නි)
හොඳ අධ්‍යාපන පසුබිමක් නැත්නම් සුළු රැකියාවක් කරන්න බලාගෙන ඇමෙරිකාවට යන එක ඉතා භයානකය සමහර වෙලාවට ජිවත් වීම සදහා දිනකට පැය 10- 15 වැඩකරන්නට සිදු වන අවස්ථා එමටය (බ)
ඉතාමත්ම ම්ලේච්ඡ අන්දමට මිනීමරණ සහ අවිනීත අසම්මත හැසිරීම් රටාවක් ඇති ඇමරිකාවේ ජීවත්වීම අති භයංකාරය. අධිමිලැති සෞඛ්‍ය රක්ෂණයක් නැති සියල්ලන්ගේ නිරෝගීභාවය ගැන රජය වග නොකියන අතර බහුලව සිදුවන වෙඩි තැබීම් වලදී තුවාල වුණොත් ඔවුන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)
මේ අර අනාගත අධ්‍යාපන ඇමතිවෙන්න හිටිය අර අරයගෙ පුතාද මන්දා? ඒ වගේ ටිකක් හැඩරුව (නි)
මෙයා නම් අමුතුම මානසිකත්වයක් තිබෙන කෙනෙක් වගෙයි (නි)
දැන් අපේ අයත් යයිද දන්නෙ නැහැ මේවා අත්හදා බලන්න? (නි)
ඇමරිකාව කියන්නේ හරිම භයානක රටක් වගෙයි (නි)
අනේ මන්දා අබුද්දස්ස කාලේ! (නි)
පිටිගල මිලානෝ සහ සිල්වා බර්ලින් අනේ අපි ඕවට කතාකළොත් ..ඒ රිසියාවට කියල කියයි ..ඒ නිසා සද්ද නොකර ..වෙනදෙයක් දිහා බලන් ඉමු ..? (බ)
සාමාන්‍යයෙන් මිනිහෙකුගේ මුහුණෙන් පිළිබිඹුවන හැඟීම් වලින් මිනිස්සු අඳුනා ගන්න හැකිවුණාට මේ අයගේ මුහුණු වලින් කිසිම දෙයක් පහළවෙන්නේ නැහැ. ඒ නිසා කොයි ආකාරයේද කියා හිතාගන්න අමාරුයි. (නි)
රූපවතී, ඒ පුතා මෙච්චර ස්මාර්ට් නැහැ (නි)
මේවා දැක්කහම පුදුමත් හිතෙනවා (නි)