තමන් සතුවන සෑම දෙයක්ම ගිනිතබා අනතුරුව ඉතිරිවන අළු මත නිදාගැනීමට පුරුදුව සිටින පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ චෙක් ජනරජයෙනි.
මාස ගණනක් තිස්සේ නොකැපූ රැවුල,හැඩපලූ ගෙතුණු කොණ්ඩය,සියල්ලටම ඉහළින් අළු වලින් වැසී කළු පැහැ ගැන්වී සිටීම යන මේ සියල්ල සළකා ලූඞ්වින් ඩොලේසාල් නම් වන මේ පුද්ගලයාට ‘‘යුරෝපයේ අපිරිසිදුම මිනිසා‘‘ යැයි නමක්ද පබැදී ඇත.
ලූඞ්වික් තමන් සතුවන ඕනෑම දෙයක් ගිනබත් කිරීමට පුරුදුව සිටී.සෑම දිනකම අවසානයේ මෙසේ එක් එක් දෑ ගිනිබත් කිරීමෙන් ඉතිරිවන අලූ තොගය ඔහුගේ සයනය වේ.එහි වැතිර ගන්නා ඔහු අළු වලින් මුළු සිරුරම වසාගෙන සැපට නිදයි.
වරක් නිදාගැනීම සදහා හිමිවුනු මෙට්ටයක්ද ඔහු ගිනිතබා අලූ කර ඒ අලූ මත නිදාගෙන තිබේ.
දැන් හිසට හරිහමන් සෙවනක්ද නොමැතිව අත්හැරදමා ඇති නටඹුන් වූ නිවසක ජීවත් වන ඔහු මේ තත්ත්වයට පත්වීමට ප‍්‍රථමයෙන් හොද දිවි පෙවෙතක් ගත කළ,වැදගත් රැකියාවක නියුතුව සිටියෙකු යැයි සදහන්ය.
මානසික ව්‍යාධියක ප‍්‍රතිඵලයක් ලෙස ඔහු මේ තත්ත්වයට පත්ව ඇතැයි සැළකේ.
කෙසේ මුත් මනා ලෙස කතාබහ කිරීමේ හා අදහස් හුවමාරුවේ යෙදීමට ඔහුට හැකිය.ඔහුගේ හා සාමාන්‍ය කෙනෙකුගේ එකම වෙනස ඇත්තේ පෙනුමේ පමණකි.
අළු වලින් වැසී තමන් ලබන උණුසුම වෙන කිසිතැනකින්වත් තමන්ට නොළැබුණු දෙයක් යැයි ඔහු කියයි.
ඔහු අඩු ආදායම්ලාභියෙකු යැයි වර්ග කෙරී තිබෙන හෙයින් මාස් පතා පිරිනැමෙන පාරිතෝශිකයක්ද ඔහුට හිමිය.නමුත් චෙක් බළධරයින් එම මුළු මුදලම ඔහු අතට කිරීම වළකා ඇත්තේ ඔහු ඒ මුදල්ද ගිනිබත් කරනු ඇතැයි බියෙනි.
ඒ වෙනුවට ප‍්‍රදේශයේ වෙළදසැලක් වෙත එම මුදල මාස්පතා ලැබීමට කටයුතු සකස් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.එනිසා කෑම බීම අවශ්‍ය වූ විටෙකදී ලූඞ්වික් මේ වෙළදසැළ වෙත පැමිණ ඒවා ලබාගනී.
ඇදුම පමණක් ගිනි බත් කර ගැනීමෙන් වැළකී සිටින හේ මේ දිවි පෙවෙත අත්හැරීමේ කිසිදු වුවමනාවක් තමන්ට නැතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් , යන්න නිකන් යන්න (දී)
මෙයාට පිස්සු වෙන්න බැහැ. මේක ජීවත් වෙන්න කරන උප්පරවැට්ටියක් විතරයි වගේ. සැබවින්ම පිස්සු නම් මොකද එයාගේ ඇදුම් පුච්චන්නේ නැත්තේ? ඒකට විතරක් කල්පනාවක් ආවේ කොහොමද? (නි)
මම හිතන්නේ කුමර් ගියානම් හොඳයි වගේ! (දී)
එසුරන්දිගේ අදහසට මමත් එකඟයි (දී)
මේවා මේ ආත්මයේදීම පඩිසන්දෙන කරුම. (ස)
මේක සිනමා පටයක කොටසක් වගේ. (ස)
නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපාය මිහිපිටම අපිට දකින්න තියෙනවා. මේ එකක්. (දී)
මෙවැනි චරිත බයිබලයේ දක්නට ලැබෙනවා, ජේසු සමිදාණන් ඔවුන්ගේ යක්ෂ ආත්ම පළවාහැර ඔවුන්ව සුව කළා. අදත් ජීවමාන ජේසු සමිඳුගේ බලයෙන් මෙවැන්නන් උන්වහන්සේ විසින් සුවකළ හැකියි. (නි)
මෙවන් දෙයක් වෙන්න මොකද්ද බලපාන හේතුව (දී)
මිහිපිට අපාය. (ස)
මේවා සංසාරික අකුසල් කර්ම. යම් කෙනෙකුට දෙන දානයක් වැළකුවොත් මේ වගේ කර්ම ආත්ම ගණනක් ගෙවන්න වෙනවා. (ස)
පව් මේ මිනිසාට ඒ රටේ රජය ඔහුගේ කෑම වේල වෙනුවෙන් වෙහෙසේනවානම් ඇයි ඒ අසරනයව වෛද්‍ය වරයෙකු වෙත යොමුකර ඔහුට මේ තත්වෙන් මිදෙන්න උදව් වෙන්න ..බැරි ..? ඒ අසරණයට ඉක්මනින් නිරෝගී ජීවිතයක් ලැබෙන්න ඒ රටේ වගකිවයුත්තනේ සහය ලැබේවා ...!ඔහු නිරෝගිවෙවා ..!! (දී)