IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


අභිරහස් සබ්මැරිනය සොයා දිගටම මෙහෙයුම්

අවසරයකින් තොරව තම රටේ මුහුද ආසන්නයට පැමිණි රුසියන් සබ්මැරීනය ජලය මතුපිටට ගැනීම සඳහා අවි බලය යොදා ගැනීමට කටයුතු කරන බව ස්වීඩන් රජය විදෙස් මාධ්‍යයට ප්‍රකාශකැර ඇත.

එරට නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඇන්ඩර්ස් ග්‍රෙන්ස්ටේඩ් පවසා ඇත්තේ දැනටමත් ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කැර ඇති බවයි.

එසේ වුව ද රුසියාව මේ කරුණ ප්‍රතික්ෂේප කරයි. එරට බලධාරීන් පවසන්නේ ස්වීඩනය පවසන ආකාරයෙන් ස්ටොක්හෝම් සමීපයේ තම සබ්මැරීනයක් ක්‍රියාවිරහිත වී නොමැති බවයි.

සබ්මැරිනය සොයා මෙහෙයුම් කරන කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී රියර් අද්මිරාල් ග්‍රෙන්ස්ටේඩ් පවසන්නේ මේ යාත්‍රාව කිනම් රටකට අයත්දැයි ස්ථිරවම කිව නොහැකි වුව ද එය රුසියවට අයත්යැයි සැකයක් පවතින බවයි.

ස්ටෝක්හෝම් සමීප සාගරයේ යම් ආගන්තුක යාත්‍රාවක් ඇතිබව දැක්වෙන දර්ශන ස්වීඩන් ආරක්ෂක බලධාරීන් විසින් මාධ්‍යයට නිකුත් කර තිබේ.

 



අදහස් (0)

අභිරහස් සබ්මැරිනය සොයා දිගටම මෙහෙයුම්

රා Monday, 27 October 2014 03:33 PM

නියමයි රුසියාවට ගහන්නම ඕනේ.(අ)

:       0       0

මලින් Monday, 27 October 2014 05:54 PM

රුසියාව කියන්නේ ඔය බලවතුන් කියන හැමෝම අපිට එරෙහිවෙද්දි අපිට පක්ෂව ඡන්දය දුන් රටක් කියන එක අමතක කරන්න එපා. අතීතයේ සෝවියට් දේශය තිබුණු තත්ත්වයට වත්මන් රුසියාව එනවා දකින්න කැමතියි නැවතත් (නි)

:       0       0

කුමාරි මාකාවිට Monday, 27 October 2014 08:14 PM

මම නම් කියන්නේ ඔය කියන සබ්මැරීනය කවදාවත් හමුවන්නේ නැහැ. මේක හොඳට සැළසුම් කළ කතාවක් රුසියාවට පහරගැසීමට මෙන්ම ලෝකයා ඉදිරියේ වැරදි මුහුණක් ඇති කිරීමට. කඩා වැටෙන යුරෝපීය ආර්ථිකය නිසා දියුණුවන රුසියාව චීනය වැනි රටවලට කෙසේදැයි පහරගසන්නේ කියලයි බලන්නේ කොහොමහරි. මේකත් එක මානසික යුද්ධයක් තමයි (නි)

:       0       0

සනත් Thursday, 30 October 2014 02:42 AM

රුසියාව විතරයි නියම සතුරා හඳුනාගෙන ඉන්නේ (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 28 October 2014 12:22 AM

ඉස්සර නම් ඩෙප්ත් චාර්ජ් කියලා බෝම්බ ජාතියක් දැම්මහම සබ්මැරීන් වලට උඩට එන්නම වෙනවා! (නි)

:       0       0

චන්ද්‍රා කොට්ටව්ච්චි Friday, 24 October 2014 01:04 PM

දැන් කලක සිට ඇමරිකාව සහ බටහිර රටවලට රුසියාව පේන්නේ සතුරකු ලෙසයි. එහෙත් නියම සතුරා කවුද කියා ඇමරිකාව සහ බටහිර ලෝකය නොදනී. මෙම අභිරහස් සබ්මැරීනය රුසියාවේ කියා මාද්‍ය මගින් කීවාට තවම සනාත කර නැත. මෙය උප්පරවැට්ටියක් වන්නට බැහැ (නදී)

:       0       0

සමින්ද Tuesday, 28 October 2014 02:47 AM

මෙය බටහිර රටවල තවත් කුමන්ත්‍රණයක්. රෑසියාව, චීනය වගේ රටවල් බලවත් වෙනවට බටහිර රටවල් කැමති නෑ. ඔවුන්ට අභියෝගයක් වෙන්න පුළුවන් රටවල් මර්ධනය කිරීමටයි ඔවුන් උත්සහ කරන්නෙ. (ස)

:       0       0

එන්සිනා Sunday, 26 October 2014 09:10 PM

මේක නම් ඇමෙරිකන්කාරයින්ගේ වැඩක් වෙන්නම ඕනෑ. ලෝකයට රුසියාව පිළිකුල් කර වෛරකරවන්න කරන රතු සායමක් වගෙයි (නි)

:       0       0

අශෝක බණ්ඩාර Tuesday, 28 October 2014 01:58 PM

අපේ රටේ අය හරිම උනන්දුවක් දක්වන්නේ මේ සිද්ධියට. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site