අවසරයකින් තොරව තම රටේ මුහුද ආසන්නයට පැමිණි රුසියන් සබ්මැරීනය ජලය මතුපිටට ගැනීම සඳහා අවි බලය යොදා ගැනීමට කටයුතු කරන බව ස්වීඩන් රජය විදෙස් මාධ්‍යයට ප්‍රකාශකැර ඇත.
එරට නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඇන්ඩර්ස් ග්‍රෙන්ස්ටේඩ් පවසා ඇත්තේ දැනටමත් ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කැර ඇති බවයි.
එසේ වුව ද රුසියාව මේ කරුණ ප්‍රතික්ෂේප කරයි. එරට බලධාරීන් පවසන්නේ ස්වීඩනය පවසන ආකාරයෙන් ස්ටොක්හෝම් සමීපයේ තම සබ්මැරීනයක් ක්‍රියාවිරහිත වී නොමැති බවයි.
සබ්මැරිනය සොයා මෙහෙයුම් කරන කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී රියර් අද්මිරාල් ග්‍රෙන්ස්ටේඩ් පවසන්නේ මේ යාත්‍රාව කිනම් රටකට අයත්දැයි ස්ථිරවම කිව නොහැකි වුව ද එය රුසියවට අයත්යැයි සැකයක් පවතින බවයි.
ස්ටෝක්හෝම් සමීප සාගරයේ යම් ආගන්තුක යාත්‍රාවක් ඇතිබව දැක්වෙන දර්ශන ස්වීඩන් ආරක්ෂක බලධාරීන් විසින් මාධ්‍යයට නිකුත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි රුසියාවට ගහන්නම ඕනේ.(අ)
රුසියාව කියන්නේ ඔය බලවතුන් කියන හැමෝම අපිට එරෙහිවෙද්දි අපිට පක්ෂව ඡන්දය දුන් රටක් කියන එක අමතක කරන්න එපා. අතීතයේ සෝවියට් දේශය තිබුණු තත්ත්වයට වත්මන් රුසියාව එනවා දකින්න කැමතියි නැවතත් (නි)
මම නම් කියන්නේ ඔය කියන සබ්මැරීනය කවදාවත් හමුවන්නේ නැහැ. මේක හොඳට සැළසුම් කළ කතාවක් රුසියාවට පහරගැසීමට මෙන්ම ලෝකයා ඉදිරියේ වැරදි මුහුණක් ඇති කිරීමට. කඩා වැටෙන යුරෝපීය ආර්ථිකය නිසා දියුණුවන රුසියාව චීනය වැනි රටවලට කෙසේදැයි පහරගසන්නේ කියලයි බලන්නේ කොහොමහරි. මේකත් එක මානසික යුද්ධයක් තමයි (නි)
රුසියාව විතරයි නියම සතුරා හඳුනාගෙන ඉන්නේ (නි)
ඉස්සර නම් ඩෙප්ත් චාර්ජ් කියලා බෝම්බ ජාතියක් දැම්මහම සබ්මැරීන් වලට උඩට එන්නම වෙනවා! (නි)
දැන් කලක සිට ඇමරිකාව සහ බටහිර රටවලට රුසියාව පේන්නේ සතුරකු ලෙසයි. එහෙත් නියම සතුරා කවුද කියා ඇමරිකාව සහ බටහිර ලෝකය නොදනී. මෙම අභිරහස් සබ්මැරීනය රුසියාවේ කියා මාද්‍ය මගින් කීවාට තවම සනාත කර නැත. මෙය උප්පරවැට්ටියක් වන්නට බැහැ (නදී)
මෙය බටහිර රටවල තවත් කුමන්ත්‍රණයක්. රෑසියාව, චීනය වගේ රටවල් බලවත් වෙනවට බටහිර රටවල් කැමති නෑ. ඔවුන්ට අභියෝගයක් වෙන්න පුළුවන් රටවල් මර්ධනය කිරීමටයි ඔවුන් උත්සහ කරන්නෙ. (ස)
මේක නම් ඇමෙරිකන්කාරයින්ගේ වැඩක් වෙන්නම ඕනෑ. ලෝකයට රුසියාව පිළිකුල් කර වෛරකරවන්න කරන රතු සායමක් වගෙයි (නි)
අපේ රටේ අය හරිම උනන්දුවක් දක්වන්නේ මේ සිද්ධියට. (හේ)