ඒ.එෆ්.පී
එය තායිලන්තයට එක් කුඩා පියවරක් වුවත් අග්නිදිග ආසියාවේ සුවඳින්ම වැඩිම පළතුරට නම් යෝධ පියවරකි. තායිලන්තය අපටත් හුරු පුරුදු ‘දූරියන්’ පළතුර කක්ෂයට යැවීමට සැලසුම් කර තිබේ.
ගුරුත්වාකර්ෂණය අවම අවස්ථාවලදී දූරියන් පළතුර ආහාරයට ගැනීම සහ එහි තත්ත්වය පරීක්ෂා කිරීමටත් අනාගත අභ්‍යාවකාශ ගමන්වලදී ‘තායි ආහාර’ ගැනීම අත්හදා බැලීම සඳහාත් මෙලෙස දූරියන් අභ්‍යාවකාශයට යැවීමට සැලසුම් කර තිබේ.
“අනාගතයේදී ගගනගාමීන්ට තායි ආහාර ආහාරයට ගැනීමට හැකිවෙන්නයි අපිට ඕනේ” යැයි ‘තායි භූ තොරතුරු විද්‍යා සහ අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන ආයතනයේ’ ප්‍රකාශකයා පැවැසීය.
“අභ්‍යාවකාශයට යවන ලද දූරියන නැවත පෘථිවියට ගෙනා පසු එහි භෞතික තත්ත්වයේ වෙනසක් තිබිය යුතු දැයි පරීක්ෂා බලන්න ඕනේ. ප්‍රමාණයෙන් කුඩා වෙලාද නැතිනම් පැළීමකට ලක්වෙලා ද කියලා බලන්න ඕනේ’ හෙතෙම කීය.
දූරියන් යනු දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල බෙහෙවින් ප්‍රසිද්ධ පළතුරකි. එහි ඇති අධික සුවඳ නිසා ඇතැම් පිරිස් දූරියන් අප්‍රිය කරති. ඒ නිසා දූරියන් ගුවන් යානා, සෝපාන සහ හෝටල් කාමර තුළ තහනම් පළතුරක් බවට පත්ව තිබේ.
දූරියන් පළතුරේ ආහාරයට ගත හැකි කොටස ඇත්තේ පළතුර මධ්‍යයේ. එය ඉතා ආරක්ෂාකාරීව තිබේ. මෙම ස්වභාවික ආරක්ෂිත බව අභ්‍යාවකාශය තුළ ද ඒ අයුරින්ම තිබේද යන්න විමසා බැලීමට විද්‍යාඥයන්ට අවශ්‍ය වී තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටටත් අවස්ථාවක් ලැබේවා !