IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට නත්තල් තෑග්ගක්

ආහාර සහ සැපයුම් ද්‍රව්‍ය පටවාගත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන යානය නත්තලට පෙර නියමිත දිනයේ දී ම   ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට  ගොස් ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කරයි.

මෙම භාණ්ඩ පටවාගත් යානය කසකිස්ථානයෙන් අභ්‍යාවකාශ ගත කරන ලද්දේ පසුගිය සඳුදාය.

ප්‍රෝග්රස් 62 පී ලෙස නම්කර ඇති මෙම යානය දින දෙකක ගමනකින් පසු ජාත්‍යන්තර අභාකාශ මධ්‍යස්ථානයේ පියර්ස් නැමැති කුටිය වෙත  බදාදා ග්‍රිනිච් වේලාවෙන් 10.27  ට ස්වයංක්‍රීයව ගොඩ බැස ඇත.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන් පිරිස එහි ඇති ද්‍ර‍ව්‍ය පරික්ෂා කිරීමෙන් අනතුරුව යානයෙන් පිටතට ගැනීමට හා විවෘත කිරීමට නියමිතය.

බ්‍රිතාන්‍ය අජඨාකාශගාමි ටිම් පීක් ප්‍රොග්රස් යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට බැස්සවීම පහසුකිරීමට නිර්මාණය කර තිබු උපකරණය යානයේ සවිකිරීම සඳහා අභ්‍යාවකාශයේ ගමන් කළේය.

දැනට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ඇමරිකානු ගගනගාමි දෙපලක් වන ස්කොට් කෙලී සහ ටිම් කොප්රා විසින් යානයේ ගෙන ආ බඩු ගබඩා කිරීමට අවශ්‍ය රේල් රථය යානය එහි ළඟාවීමට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත ස්ථාන ගත කරන ලදී

පීක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පසුගිය දෙසැම්බර් 15 වෙනිදා ළඟාවුයේ එහි පරික්ෂණ කටයුතුවල මාස හයක පමණ කාලයක් නියැලිමේ අපේක්ෂාවෙනි.

රුසියානු අභ්‍යවකාශ ඒජන්සියට අනුව මිනිසුන් රහිත ප්‍රෝග්‍රස් නැමැති භාණ්ඩ ප්‍රවාහන යානය ගුවන් යානා ඉන්ධන, ඔක්සිජන්,ජලය, සහ ආහාර සමගින් කිලෝ ග්රෑම් 2436 ක් බරැති ද්‍රව්‍ය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත  ගෙන ගොස් ඇත.

මීට ඉහත අවස්ථාවන්හි දී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ආහාර ජලය සහ  අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමේ යෙදුණු යානා අනතුරට පත්වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ද්‍ර‍ව්‍ය නොමැතිව අජඨාකාශගාමින් දැඩි අසීරුතා වලට ලක්ව සිටියහ.

iss 1 iss 2 iss 3 - Copy

 



අදහස් (0)

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට නත්තල් තෑග්ගක්

සමන්ත Thursday, 24 December 2015 03:02 PM

රුසියානුවෝ රුසියෝ. (ස)

:       0       0

උපුල් Friday, 25 December 2015 11:19 AM

ලංකාවෙන් යවපු එක දැන් කොහෙද දන්නේ නැහැ ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 518 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site