ආහාර සහ සැපයුම් ද්‍රව්‍ය පටවාගත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන යානය නත්තලට පෙර නියමිත දිනයේ දී ම   ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට  ගොස් ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කරයි.

මෙම භාණ්ඩ පටවාගත් යානය කසකිස්ථානයෙන් අභ්‍යාවකාශ ගත කරන ලද්දේ පසුගිය සඳුදාය.

ප්‍රෝග්රස් 62 පී ලෙස නම්කර ඇති මෙම යානය දින දෙකක ගමනකින් පසු ජාත්‍යන්තර අභාකාශ මධ්‍යස්ථානයේ පියර්ස් නැමැති කුටිය වෙත  බදාදා ග්‍රිනිච් වේලාවෙන් 10.27  ට ස්වයංක්‍රීයව ගොඩ බැස ඇත.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන් පිරිස එහි ඇති ද්‍ර‍ව්‍ය පරික්ෂා කිරීමෙන් අනතුරුව යානයෙන් පිටතට ගැනීමට හා විවෘත කිරීමට නියමිතය.

බ්‍රිතාන්‍ය අජඨාකාශගාමි ටිම් පීක් ප්‍රොග්රස් යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට බැස්සවීම පහසුකිරීමට නිර්මාණය කර තිබු උපකරණය යානයේ සවිකිරීම සඳහා අභ්‍යාවකාශයේ ගමන් කළේය.

දැනට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ඇමරිකානු ගගනගාමි දෙපලක් වන ස්කොට් කෙලී සහ ටිම් කොප්රා විසින් යානයේ ගෙන ආ බඩු ගබඩා කිරීමට අවශ්‍ය රේල් රථය යානය එහි ළඟාවීමට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත ස්ථාන ගත කරන ලදී

පීක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පසුගිය දෙසැම්බර් 15 වෙනිදා ළඟාවුයේ එහි පරික්ෂණ කටයුතුවල මාස හයක පමණ කාලයක් නියැලිමේ අපේක්ෂාවෙනි.

රුසියානු අභ්‍යවකාශ ඒජන්සියට අනුව මිනිසුන් රහිත ප්‍රෝග්‍රස් නැමැති භාණ්ඩ ප්‍රවාහන යානය ගුවන් යානා ඉන්ධන, ඔක්සිජන්,ජලය, සහ ආහාර සමගින් කිලෝ ග්රෑම් 2436 ක් බරැති ද්‍රව්‍ය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත  ගෙන ගොස් ඇත.

මීට ඉහත අවස්ථාවන්හි දී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ආහාර ජලය සහ  අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමේ යෙදුණු යානා අනතුරට පත්වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ද්‍ර‍ව්‍ය නොමැතිව අජඨාකාශගාමින් දැඩි අසීරුතා වලට ලක්ව සිටියහ.

iss 1 iss 2 iss 3 - Copy