
යුක්රේන හමුදා ආක්‍රමණයට එරෙහිව, ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලට පමණක් නොව, ඉදිරියේ දී රුසියාව හවුල් කර ගනිමින් සිදු කිරීමට නියමිත විශ්ව ගවේෂණ කටයුතු ද අඩපණ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සම්බාධක හේතුවෙන් බාධා එල්ල වී ඇතැයි රුසියන් අභ්‍යවකාශ ආයතනය හෙවත් 'රොස්කොස්මොස්' ආයතනය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි.
දේශපාලනික වශයෙන් කුමන ආකාරයේ බෙදීමක් පැවැතියත්, අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාවේ 'නාසා' ආයතනය සහ රුසියාවේ රොස්කොස්මොස්' ආයතනය අතර පැවැතියේ සමීප සම්බන්ධයකි.
කෙසේ නමුත්, ඉදිරියේ දී එය වෙනස් වනු ඇති බවත්, රුසියාවට ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සඳහා චීනය හවුල් කර ගැනීමට සිදුවනු ඇති බවත් පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අභ්‍යවකාශ කටයුතුවලටත් බාධා