කොළඹදීය (ඒ.එෆ්.පී)
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන්ට නීතිවිරෝධි ආකාරයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලැබී ඇතැයි චෝදනා එල්ල වී ඇත.
මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ නමට තිබෙන පෞද්ගලික ගිණුම් දෙකකට අදාළ මුදල් බැර වී ඇති අතර මේ සම්බන්ධයෙන් එරට මූල්‍ය අධිකාරිය (එම්.එම්.ඒ) පොලිස් පැමිණිල්ලක් කර ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි.
එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ යමීන්ගේ ප්‍රකාශක ඊබ්‍රහිම් මුවාස් මැතිවරණ ප්‍රචාරණ අරමුදල් වෙනුවෙන් ජනාධිපතිවරයා වෙනම ගිණුමක් පවත්වාගෙන ගිය බව සඳහන් කළේය. කෙසේ නමුත් ඔහු එලෙස මුදලක් ලැබුණු බව හෝ එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේ හෝ නැත.
කිසිදු වරදක් සිදු ව නැති බව මාලදිවයින් මූල්‍ය අධිකාරියේ අධිපතිවරයා ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බවත් බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පැමිණිල්ල ඉවත් කරගත් බවත් මුවාස් තවදුරටත් කීය.
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවත් තවමත් මාලදිවයිනේ ජනාධිපතිවරයා අබ්දුල්ලා යමීන්ය. ඔහුගේ නිල කාලය අවසන් වන්නේ නොවැම්බර් 17 වැනිදාය. ඔහු තම පාලන කාලය තුළ දී මෙන්ම ජනාධිපතිවරණය සමයේදීද චීනයේ දේශපාලන හා මූල්‍ය සහාය මත යැපිණි.
මාලදිවයිනේ තමන්ට හිතවත් ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් පත් කරගැනීම සඳහා චීනය සහ ඉන්දියාව බල අරගලයක නිරත වී සිටිති.
අසල්වැසි ශ්‍රී ලංකාවේ ද මේ ආකාරයේම සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 2015 වසරේදී චීන රජයට අයත් සමාගමකින් මැතිවරණ ප්‍රචාරණ අරමුදල් ලෙස ඩොලර් මිලියන ගණනක් ලැබුණු බවට චෝදනා එල්ල වූ අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලියන 1.5 වගේද මිලියන 7.2... එ්ත් ඔය වගේම මැතිවරණයට කලින් තමයි.
ඒ.එෆ්.පී ලංකාව ගැන වාර්තා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට 2015 වසරේදී ලැබුණු මුදල් ගැන පමණි. ඔවුන් සරත් ෆොන්සේකාට සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට අමෙරිකාවෙන් ලැබුණු මුදල් ගැන කතා නොකරන්නේ ඇ යි?
කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා.