IMG-LOGO

අප්‍රිකාවේදී අයිඑස් ත්‍රස්තයින් 42ක් මරුට

අප්‍රිකාවේ චැඩ් විල ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ සටනක දී බටහිර අප්‍රිකානු හමුදා විසින් අයිඑස් ත්‍රස්තයින් 42දෙනකු මරා දමා ඇතැයි ආරක්ෂක අංශ වාර්තා කරයි.

ඇතිවූ ගැටුම්වලින් එක් සොල්දාදුවකු මියගොස් 10දෙනකුට තුවාල සිදුවී ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් පවසති.

ජුනි 21වනදා මෙම සටන් ආරම්භ වූ අතර පසුගිය මාස හය ඇතුළත ත්‍රස්තයින්ට සිදුවූ දරුණුම පාඩුව මෙය බව මාධ්‍ය සඳහන් කර ඇත.

මේ සම්බන්ධව වාර්තා කරමින් අයිඑස් සංවිධානය පවසා ඇත්තේ චැඩ් විල ආශ්‍රිතව සිදුවූ සටන්වලින් සොල්දාදුවන් 15දෙනකු මියගිය බවයි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවද ඔවුහු පවසති.

කෙසේවුවද  අයිඑස් සාමාජිකයින් කොපමණ සංඛ්‍යාවක් මියගියේද යන්න සම්බන්ධව ඔවුන් කිසිවක් ප්‍රකාශ කර නැත. 

චැඩ් විල වටා පිහිටි රාජ්‍යයන්ගෙන් සැදුම්ලත් හමුදා නිලධාරීහු අයිඑස් භටයින්ට විරුද්ධව සටන් කරති.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

අප්‍රිකාවේදී අයිඑස් ත්‍රස්තයින් 42ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1268 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 583 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site