අප්‍රිකා මහාද්වීපය යැයි සදහන් කළ සැනෙන් සිහියට නැගෙන චණ්ඩ හිරුරැස්, බිහිසුණු වන සතුන්, දුර්භීක්ෂය, නියං සාය වෙනුවට සිසිල්, සෞභාග්‍යමත්, සැපවත්, ආදී අප්‍රිකා මහාද්වීපය හැදින්වීමට සිහිනෙකුදු නොසිතන වදන් වලින් සැරසිය හැකි එක් සුවිශේෂී ස්ථානයක් එහි ඇත.
‘‘අයිෆ්රේන්‘‘ මොරොක්කෝවේ පිහිටා ඇති කුඩා නගරයකි.මුහුදු මට්ටමේ සිට අඩි 5460 උසින් පිහිටා තිබෙන නිසාවෙන්මදෝ එය අප්‍රිකාවේ මෙන්ම මව්රට වන මොරොක්කෝවේ දේශපාලන, සමාජීය, මෙන්ම පාරිසරික ගැටලූ වලින් නිදහස්ය.
චණ්ඩ හිරුරැස් මෙහි නැත.සෞම්‍ය සිසිල් පරිසරයක් මෙහි ඇත.අප්‍රිකාවේ පිහිටා තිබුණද සෘතු භේදය මෙහි හොදින්ම දැකගත හැකිය.වසන්තයේ හිරු රැස් වලින් නැහැවෙන අයිෆ්රේන් සිසිරයේදී හිමෙන් වැසී යයි.
අයිෆ්රේන් එදවස අප්‍රිකාවේ වැඩි කොටසක් පාලනය කළ ප්‍රංශයේ සිත්ගත් තැනක් විය.ඔවුන් අයිෆ්රෙන් හැදින්වූයේ අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය ලෙසය.අයිෆ්රෙන් වෙත දැක්වූ ලැදියාව නිසාවෙන්ම ඔවුන් එහි නිවාස ඉදිකළේ යුරෝපා සම්ප්‍රදායටය.නගරය අලංකාර කිරීමට ගස්වැල් පවා ආනයනය කෙරුණේ යුරෝපයෙනි.
මේ ලකුණු අද දිනයේ අයිෆ්රේන් නරඹන්නට යන්නෙකුට හොදින්ම දැකගත හැකිය.යුරෝපා සංස්කෘතිය එලෙසම පවත්වාගැනීමට අයිෆ්රේන් වැසියෝ අදටත් කටයුතු කරති.ඔවුන් අතර සොරකම, භීෂණය නැත.සියලූදෙනා හට අවශ්‍ය තරම් ධනයද ඇත.ඉතා සාමකාමී වන ඔවුන් ආගන්තුක සත්කාරයේද රුසියෝය.
මොරොක්කෝවේ අනෙක් පෙදෙස්හි වෙසෙන්නන්ටත් යුරෝපය කෙබදුදැයි බලා ගැනීමට අයිෆ්රේන් නිසා වැඩිදුරක් යෑමට අවශ්‍ය නැත.
කර්කෂ අප්‍රිකා මහාද්වීපයේ මෙවැනි පරිසරයකින් යුතු තැනක් තිබීමද ඇත්තෙන්ම පුදුම සහගතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තවම අදහා ගන්න බැහැ. ලංකාදීපයට බොහොම ස්තුති. (හේ)
අතීශය මනස්කාන්ත දර්ශන පෙළක් සේම, අනගි විස්තරයක්.! ස්තුතියි සැමට.!(හේ)
ලංකාදීප සවිස්තරයට මාගේ හදපිරි ප්‍රණාමය වසර 25 ක් ඔස්සේ රටවල් ගැන දැනීමක් තිබුනත් එක්වරක් හෝ සංචාරය කිරීමට අද මේ දැන් අදිටන් කරගත්තෙමි (ම)
කවුරු මොනවා කිව්වත් සුද්දෝ අපිට වැඩ දියුනුයි කියලා පිළිගන්න වෙනවා.(හේ)
සොබා දහමේ මෙන්ම මිනිස් පරිකල්පන ශක්තියේද අසහාය නිර්මාණයකි. හැකියාවක් ඇත්නම් සියල්ලන්ම නැරඹිය යුතු ස්ථානයක් බව පෙනේ. අති සුන්දරයි අති රමණීයයි. (නි)