IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අප්‍රිකාවේ කෙම්බිම

අප්‍රිකා මහාද්වීපය යැයි සදහන් කළ සැනෙන් සිහියට නැගෙන චණ්ඩ හිරුරැස්, බිහිසුණු වන සතුන්, දුර්භීක්ෂය, නියං සාය වෙනුවට සිසිල්, සෞභාග්‍යමත්, සැපවත්,  ආදී අප්‍රිකා මහාද්වීපය හැදින්වීමට සිහිනෙකුදු නොසිතන වදන් වලින් සැරසිය හැකි එක් සුවිශේෂී ස්ථානයක් එහි ඇත.

‘‘අයිෆ්රේන්‘‘ මොරොක්කෝවේ පිහිටා ඇති කුඩා නගරයකි.මුහුදු මට්ටමේ සිට අඩි 5460 උසින් පිහිටා තිබෙන නිසාවෙන්මදෝ එය අප්‍රිකාවේ මෙන්ම මව්රට වන මොරොක්කෝවේ දේශපාලන, සමාජීය, මෙන්ම පාරිසරික ගැටලූ වලින් නිදහස්ය.

චණ්ඩ හිරුරැස් මෙහි නැත.සෞම්‍ය සිසිල් පරිසරයක් මෙහි ඇත.අප්‍රිකාවේ පිහිටා තිබුණද සෘතු භේදය මෙහි හොදින්ම දැකගත හැකිය.වසන්තයේ හිරු රැස් වලින් නැහැවෙන අයිෆ්රේන් සිසිරයේදී හිමෙන් වැසී යයි.

අයිෆ්රේන් එදවස අප්‍රිකාවේ වැඩි කොටසක් පාලනය කළ ප්‍රංශයේ සිත්ගත් තැනක් විය.ඔවුන් අයිෆ්රෙන් හැදින්වූයේ අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය ලෙසය.අයිෆ්රෙන් වෙත දැක්වූ ලැදියාව නිසාවෙන්ම ඔවුන් එහි නිවාස ඉදිකළේ යුරෝපා සම්ප්‍රදායටය.නගරය අලංකාර කිරීමට ගස්වැල් පවා ආනයනය කෙරුණේ යුරෝපයෙනි.

මේ ලකුණු අද දිනයේ අයිෆ්රේන් නරඹන්නට යන්නෙකුට හොදින්ම දැකගත හැකිය.යුරෝපා සංස්කෘතිය එලෙසම පවත්වාගැනීමට අයිෆ්රේන් වැසියෝ අදටත් කටයුතු කරති.ඔවුන් අතර සොරකම, භීෂණය නැත.සියලූදෙනා හට අවශ්‍ය තරම් ධනයද ඇත.ඉතා සාමකාමී වන ඔවුන් ආගන්තුක සත්කාරයේද රුසියෝය.

මොරොක්කෝවේ අනෙක් පෙදෙස්හි වෙසෙන්නන්ටත් යුරෝපය කෙබදුදැයි බලා ගැනීමට අයිෆ්රේන් නිසා වැඩිදුරක් යෑමට අවශ්‍ය නැත.

කර්කෂ අප්‍රිකා මහාද්වීපයේ මෙවැනි පරිසරයකින් යුතු තැනක් තිබීමද ඇත්තෙන්ම පුදුම සහගතය.

Ifrane-Little-Switzerland3-550x412 Ifrane-Little-Switzerland4-550x412 Ifrane-Little-Switzerland5-550x364 Ifrane-Little-Switzerland6-550x366 Ifrane-Little-Switzerland7-550x412 Ifrane-Little-Switzerland8-550x412 Ifrane-Little-Switzerland-550x412



අදහස් (0)

අප්‍රිකාවේ කෙම්බිම

ප්‍රසාද් Friday, 05 December 2014 08:24 AM

මට තවම අදහා ගන්න බැහැ. ලංකාදීපයට බොහොම ස්තුති. (හේ)

:       0       0

රජින්ද Thursday, 04 December 2014 11:30 AM

අතීශය මනස්කාන්ත දර්ශන පෙළක් සේම, අනගි විස්තරයක්.! ස්තුතියි සැමට.!(හේ)

:       0       0

නිමල් රණසිංහ - පැරිස් Thursday, 04 December 2014 06:41 PM

ලංකාදීප සවිස්තරයට මාගේ හදපිරි ප්‍රණාමය වසර 25 ක් ඔස්සේ රටවල් ගැන දැනීමක් තිබුනත් එක්වරක් හෝ සංචාරය කිරීමට අද මේ දැන් අදිටන් කරගත්තෙමි (ම)

:       0       0

දිලිප් Thursday, 04 December 2014 12:23 PM

කවුරු මොනවා කිව්වත් සුද්දෝ අපිට වැඩ දියුනුයි කියලා පිළිගන්න වෙනවා.(හේ)

:       0       0

බන්දුල ‍ද සිල්වා Thursday, 04 December 2014 11:48 PM

සොබා දහමේ මෙන්ම මිනිස් පරිකල්පන ශක්තියේද අසහාය නිර්මාණයකි. හැකියාවක් ඇත්නම් සියල්ලන්ම නැරඹිය යුතු ස්ථානයක් බව පෙනේ. අති සුන්දරයි අති රමණීයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site