IMG-LOGO

අප්‍රිකානු සංගමය සංහිඳියා සමුළුවක් පැවැත්වීමට යයි

ලිබියාවේ දේශපාලන ප්‍රතිවාදීන් එකමුතු කිරීමේ අරමුණින් අප්‍රිකානු සංගමය එළැඹෙන ජූලි මාසයේදී සංහිඳියාසමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි එම සංගමයේ, කොමිසමේ ප්‍රධානී මුසා ෆාකී කීය.

“මෙය ලිබියානු ජාතිකයන්ට ලැබෙන අවස්ථාවක්” ටියුනිස් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම එම කරුණු කීය. 

ටියුනීසියාවේ අගනුවර වන ටියුනිස් අගනුවර පැවැත්වෙන අරාබි ලීගයට සහභාගී වන අතරවාරයේදී අප්‍රිකානු සංගමයේ කොමිසමේ ප්‍රධානී මුසා ෆාකී එම කරුණු සඳහන් කළේය.  

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි වන ෆෙඩෙරිකා මොගෙරිනි සහ මුසා ෆාකීගේ සහභාගීත්වයෙන් ලිබියාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉකුත් දිනක-දී සාකච්ඡාවක් පැවැත්විණි. 

ලිබියාවේ දේශපාලන ප්‍රතිවාදීන් එකමුතු කිරීමේ “සංහිඳියා” සමුළුව ඉතියෝපියාවේ ඇඩිස් අබාබාහිදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 

“ලිබියාවේ දේශපාලන පාර්ශවකරුවන් රටේ ඉරණම සාකච්ඡා කළ යුතුයි. එය දැන්ම කළ යුතු” යැයි ෆාකී කීවේය. 

වසර 2011 දී ඒකාධිපති පාලකයකු ලෙස හැඳින්වුණු ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කිරීමේ සිට ලිබියාව මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණ දී සිටී. ලිබියාව සමඟ සම්පන්න රටක් බවට පත් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව අවස්ථා රැසකදී උත්සාහ ගත් අතර ඒ කිසිවක් සාර්ථක නොවීය. 

 

055

ඒ.එෆ්.පී. ඇසුරිනි 



අදහස් (0)

අප්‍රිකානු සංගමය සංහිඳියා සමුළුවක් පැවැත්වීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1444 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site