ලිබියාවේ දේශපාලන ප්‍රතිවාදීන් එකමුතු කිරීමේ අරමුණින් අප්‍රිකානු සංගමය එළැඹෙන ජූලි මාසයේදී සංහිඳියාසමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි එම සංගමයේ, කොමිසමේ ප්‍රධානී මුසා ෆාකී කීය.

“මෙය ලිබියානු ජාතිකයන්ට ලැබෙන අවස්ථාවක්” ටියුනිස් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම එම කරුණු කීය. 

ටියුනීසියාවේ අගනුවර වන ටියුනිස් අගනුවර පැවැත්වෙන අරාබි ලීගයට සහභාගී වන අතරවාරයේදී අප්‍රිකානු සංගමයේ කොමිසමේ ප්‍රධානී මුසා ෆාකී එම කරුණු සඳහන් කළේය.  

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි වන ෆෙඩෙරිකා මොගෙරිනි සහ මුසා ෆාකීගේ සහභාගීත්වයෙන් ලිබියාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉකුත් දිනක-දී සාකච්ඡාවක් පැවැත්විණි. 

ලිබියාවේ දේශපාලන ප්‍රතිවාදීන් එකමුතු කිරීමේ “සංහිඳියා” සමුළුව ඉතියෝපියාවේ ඇඩිස් අබාබාහිදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 

“ලිබියාවේ දේශපාලන පාර්ශවකරුවන් රටේ ඉරණම සාකච්ඡා කළ යුතුයි. එය දැන්ම කළ යුතු” යැයි ෆාකී කීවේය. 

වසර 2011 දී ඒකාධිපති පාලකයකු ලෙස හැඳින්වුණු ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කිරීමේ සිට ලිබියාව මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණ දී සිටී. ලිබියාව සමඟ සම්පන්න රටක් බවට පත් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව අවස්ථා රැසකදී උත්සාහ ගත් අතර ඒ කිසිවක් සාර්ථක නොවීය. 

 

055

ඒ.එෆ්.පී. ඇසුරිනි