වෙස්ට් වර්ජීනියා ආරණ්‍ය සේනාසනයේ විහාරාධිකාරී සීලානන්ද හිමි විසින් රචිත "අවර් බුද්ධා" (අපේ බුදුහාමුදුරුවෝ) කෘතියේ මුල් පිටපත ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක , නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී පූජා කැරිණි.
කෘතියේ පිටපතක් ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක මේජර් ජෙනරාල් උභය මැදවල මහතාට ද පිළිගැන්වූ අතර එහි තවත් පිටපතක් එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කඹුරාවල සිරි රේවත නාහිමියන්ටද පිළිගැන්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වයේ සත්‍ය බුදුදහම තුළින් අවබෝධ කරගැනීමට සියලු ලෝ වැසියන්ට ලැබී ඇති මේ අවස්තාව මග නොහරින්න. (ම)
කුරුණෑගොඩ පියතිස්ස හාමුදුරුවෝ කියන්නේ ඉතාමත් සිල්වත්, නැණවත්, සාමකාමී, ප්‍රියමනාප, නොසැළෙන සහ ප්‍රසන්න ආදර්ශමත් ස්වාමීන් වහන්සේ නමක්. ස්වාමීන් වහන්සේ අපට බුද්ධාගම උගන්වනවිට හොල්මන් ගැන කී කතාව තාමත් මතකයි. ඒ තමා නිසොල්මන සහ හොල්මන් අතර වෙනස. මේ පොත තුළින් ලෝකයේ මිනිසුන්ට දැනට සමහර තැන්වල නැති සාමය නැවත ඇති වේවා! කුරුණෑගොඩ පියතිස්ස ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා! (නි)
ඉතාම හොඳ දෙයක් හාමුදුරුවනේ, අපි ඉතා අගය කරනවා.(ම)
අපිට මේවා දකිනකොට හරිම සතුටුයි (නි)