වසරකට පෙර අතුරුදන් වූ සිසුන් 43 දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දරුවන්ගේ දෙමාපියන්, ඥාතීන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් මෙක්සිකෝ අගනගරයේදී පා ගමනකට සහභාගී වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

පැමිණි පිරිස අත දරුවන්ගේ ඡායාරූප සහිත පෝස්ටර් හා බැනර් දක්නට ලැබිණි. “දරුවන් ගෙනගියේ පණපිටින්, අපට ඹවුන් නැවත පණපිටින් ලබාදෙන්න,“යනවෙන් ඒවායේ සඳහන් විය. දරුවන්ගේ අතුරුදන්වීම සම්බන්ධව රජයට විරෝධය දක්වන පුවරුද ඹවුහු ප්‍ර‍ර්ශනය කළහ.

මෙක්සිකෝවේ දකුණුදිග ග්වෙරෙරෝ පළාතේ ඉගුවාලාහිදී 2014 සැප්තැමිබර් මස 26 දින මෙම දරුවන් පැහැරගෙනගොස් ඇති අතර පසුව ඹවුන් මරා පුළුස්සා ඇති බවටද සාක්ෂි ලැබී ඇත. ගුණානුස්මරණ වැඩසටහනකට සහභාගීවෙමින් සිටිය දී මේ දරුවන් පැහැරගත් බව එකළ වාර්තා විය.

දෙමාපියන් හා දරුවන්ට ආදරය කරන පිරිස් පවසන්නේ මේ දරුවන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ පවතින විශේෂ ඒකකයකට පැවරිය යුතු බවයි.

නීතිවිරෝධී මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වාහනය කළ බස්රථයක් දරුවන් නොදැනුවත්කමින් ගෙනයාම මෙම ඝාතනයට හේතුවන්නට ඇතැයි නිදහස් මතධාරී කණ්ඩායම් ප්‍ර‍කාශ කරයි.