අන්ධ හා අර්ධ අන්ධ පුද්ගලයන් වෙනුවෙන් ඇඟිලි තුඩින් පොත් කියවිය හැකි උපකරණයක් නිපදවා ඇත. එම විශ්මිත උපකරණය සාදා ඇත්තේ ඇමෙරිකාවේ මැසචුසෙට් තාක්ෂණ විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසිනි.
මුද්දක් මෙන් ඇඟිල්ලේ පැළඳිය හැකි මේ උපකරණය පොතක ඡේදයකට කෙලින් තැබූ විට පහසුවෙන් එය කියවයි. එහි ඇති කුඩා කැමරාවක් මගින් පොත්වල අඩංගු දේ ඇති වචන හඳුනා ගනියි. මේ උපකරණයේ ඇති විශේෂ මෘදුකාංග මගින් ඇගිල්ලේ සිදුකරන චලනය තේරුම් ගන්නා අතර කැමරාවෙන් හඳුනාගන්නා වචනය ශබ්දයට නැගීම සිදුකරයි.
නව උපාංගයට කම්පන මෝටරයක් ද සවිකැර තිබේ. එමගින් කියවන්නාට සිදුවන වැරදි ගැන ද අනතුරු හැඟවීමේ හැකියාව ඇත.
මේ උපාංගය නිපදවූ කණ්ඩායමේ නායකද මහාචාර්ය පැටී මයිස් කියා සිටින්නේ මේ උපකරණය භාවිතයෙන් කරන කියවීම ඇඟිලිතුඩින් කියවීමට සමාන බවයි.
‘‘ දැනට බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය කැර නොමැති පොත් විශාල ප්‍රමාණයක් අන්ධ හා අර්ධ අන්ධ පුද්ගලයන්ට මේ උපකරණය භාවිතයෙන් කියවීමට හැකියාව ලැබෙනවා. එය ඔවුන්ගේ අධ්‍යාපනයට ඉතා විශාල රුකුලක් වේවි. අපි උපකරණය වසර තුනක කාලයක් අත්හදා බැලුවා. දැන් එය ඉතා සාර්ථකයි. “ යැයි මහාචර්ය මයිස් කියා සිටියේය.
මහාචර්යවරයා වැඩිදුරටත් පවසන්නේ මේ ක්‍රමය යොදා ගනිමින් ස්මාර්ට් දුරකථන තිරයේ ඇති දේ කියවීමට හැකි ආකාරයෙන් තවමත් යන්ත්‍රය වැඩිදියුණු කිරීමට නොහැකි වීම නම් පාඩුවක් බවයි. ඉදිරියේ දී ස්මාර්ට් දුරකථන ඇතුළු ස්පර්ශක තිරයන්හි ඇති දේ කියවීමට හැකි පරිදි මෙය වැඩිදියුණු කරන බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිවිශිෂ්ට නිර්මාණයක් (දී)
මහාචාර්ය මයිස් තුමාගේ නිර්මාණය ඉතාමත් උසස්.ඇඟිලි තුඩට දමන මෙම උපකරණය වැඩි දියුණු කොට දෑස ටම පළඳවා පෙනුම ලබා දීමට උපකරණයක් නිපදවන්නේ නම් අති විශාල දක්ෂ කමක් ! ලොවටම සේවයක් ! (දී)
මේ වෙනුවට අන්ධ අයට ඇස් දෙකෙන්ම පෙනුම ගන්න උපකරණයක් හැදුවොත් අන්ධ බව සදහටම මේ ලෝකෙන් තුරන් වී යයි (නදී)