මින්පසු යුරෝපා සංගමයේ සාමාජික රටවල් වලට යුරෝපා නොවන සංක්‍රමණිකයන් අනවසරයෙන් ඇතුළු වු විට සිරගත කිරීම සිදු නොවනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ එරට අධිකරණය ලබාදුන් තීන්දුවකට පසුවයි. මිට පෙර එලෙස අනවසරයෙන් ඇතුළු වුවහොත් පොලිසිය හෝ හමුදා අංශ ඔවුන් සිර භාරයට ගනියි. මින් පසු එලෙස ඇතුළු වන සංක්‍රමණිකයන් ආපසු තම රට වෙත හරවා යැවිය යුතු බවට යුරෝපා අධිකරණය නියෝග කළේය.
වීසා බලපත් රහිතව පැමිණෙන ශේන්ගන් කලාපයේ සංක්‍රමණිකයන්ට ද මෙම නිතිය අදාල වෙන බවට එම අධිකරණය ප්‍රකාශ කළේය. ගානාවේ පුද්ගලයෙකු අනවසරයෙන් ප්‍රංශයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එරට ආරක්ෂක අංශ ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පසු සිදු කෙරුණු නඩු විභාගයකදී මෙම තීන්දුව ප්‍රකශයට පත් කෙරිණි. එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීම යුරෝපා සංගම් නීති රෙගුලාසි වලට පටහැනි බව ඔහු අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ..එලෙස නීතියක් යුරෝපා සංගමයේ පවතින බවට සදහන් වේ.එම රෙගුලාසි සලකා බලා මෙම විශේෂ තීන්දුව ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd