සිය අනන්‍යතාව සඟවා ගනිමින් නිර්මාණකරනයේ යෙදෙන ලෝක ප්‍රකට වීදි සිතුවම් ශිල්පියකු වන බැන්ස්කි, සිතුවම්කරණයේ නියැළෙන ඡායාරූප නිකුතුවක් ඔහුගේ නියෝජිතයා වන ස්ටීව් ලසාරිඩෙස් මහතා පළ කර තිබේ.
බැන්ස්කි සමඟ වසර 11ක් පමණ සමීපව ඇසුරු කරමින් සිටින ස්ටීව්, මෙම ඡායාරූප නිකුත් කර ඇත්තේ දෙසැම්බරයේදී ඔහු එළිදැක්වීමට නියමිත කෘතියට අදාළවය.
කෙසේවෙතත් ඔහු මාධ්‍යයට නිකුත් කර ඇති මෙම ඡායාරූපවල පවා බැන්ස්කිගේ මුහුණ පෙනෙන්නට නැත. ඔහුගේ සමස්ත වෘත්තීය ජීවිතය තුළදීම ඔහුගේ අනන්‍යතාවය, මුහුණ සැඟවී පැවතිණි.
“මම අවුරුදු 11ක් බැන්ස්කි සමඟ කටයුතු කළා. සාමාන්‍යයෙන් මම කලාවට කැමති නැහැ. මම එහි කොටසක් බවට පත්වුණේ බැන්ස්කිගේ සිතුවම් නිසා” යැයිද ඔහු කීය.
බැන්ස්කි උපන් නගරය වූ බ්‍රිස්ටල් නුවර හැදී වැඩුණු ස්ටීව් පසුව, 1997දී බැන්ස්කිගේ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය.
(සීඑන්එන් ඇසුරිනි)
16844



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd