ජපානයට අයත් මුහුදු සීමාවේදී අනතුරට පත්වූ ධීවර යාත්‍රාවක සිටි කාර්යමණ්ඩලයේ 60දෙනෙකු බේරාගත් බව ජපාන බලධාරීහු පවසති.

මොවුන් දකුණු කොරියානු ජාතිකයින් පිරිසක් බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

මුහුදු සීමාව උල්ලංඝනය කළ යාත්‍රාව ලුහුබැඳ ගිය බෝට්ටුවේ වැදී එය අනතුරට පත්වී ඇත.

පසුව යාත්‍රාව මුහුදේ ගිලී ගොස් ඇති බව ද සඳහන් වේ.
 
 (රොයිටර් ඇසුරිණි - 085)