අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපචාරවල නියැලීම සම්බන්ධයෙන් වරදකරු වූ දකුණු කොරියාවේ පුද්ගලයෙකුට එරට අධිකරණයෙන් වසර 40 ක සිර දඬුවමක් නියම කර තිබේ.

චෝ ජූ-බින් නමැති මෙම පුද්ගලයා අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපචාරවල නියැලුණු එරට ප්‍රධාන පෙළේ වැරදිකරුවෙකි.

25 හැවිරිදි මොහු උපාධිදාරියෙකු ද වේ.

මෙම පුද්ගලයා ගැහුණු ළමුන් බියගන්වා ඔවුන්ගේ ලිංගික දර්ශන සහිත වීඩියෝ ලබාගෙන ඒවා චැට් රූම්වල නැරඹීමට ලබාදී මුදල් අය කර ඇති බව අනාවරණය වී තිබේ.

ගැහැණු ළමුන් 74 දෙනෙකුගේ පමණ ලිංගික වීඩියෝ දර්ශන මෙම තැනැත්තා විසින් ලබාගෙන ඇති අතර ඒ අතර බාලවයස්කාර ගැහුණු ළමුන් 16 දෙනෙකුද සිටින බව වාර්තා වේ.

ඒ අනුව ලිංගික අපයෝජනවලින් ළමුන් ආරක්ෂා කිරීම පිළිබඳ නීතිය මෙම පුද්ගලයා විසින් උල්ලංඝනය කර තිබේ.

මීට අමතරව මෙවැනි වැරදි සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 124 දෙනෙකු හා වැට් රූම් මෙහෙයවූ 18 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 

ටෙලිග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය මෙම අපයෝජන සඳහා භාවිත කර තිබේ. 

-226-
(බීබීසී ඇසුරෙනි)