එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අන්තර් ජාතික සංක්‍රමණ සඳහා ගෝලීය සැලසුමක් සම්මත කර ඇත.

ආරක්ෂාව සහිත සියළුම පැතිකඩයන් ආවරණය වන පරිදි ක්‍රමිකව සහ විධිමත්ව සකස් කරන ලද ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබඳ පොදු ප්‍රවිශ්ඨයන් සහිත ලොව පළමු ගෝලීය සැලැස්ම වෙයි.

ලොව පුරා මිලියන 258 ක ජනතාවගේ සංක්‍රමණය ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු කර ඇත.

ඉන්දියාව යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති අතර චෙක් ජනරජය, හංගේරියාව,ඊශ්‍රායලය, පෝලන්තය හා එක්සත් ජනපදය ඊට විරුද්ධව ඡන්දය දුන්හ.

මෙහිදී විශ්වීය මානව අයිතිවාසිකම් ඇතුලු ගෝලීය ප්‍රජාවගේ මූලික අයිතීන් යලි තහවුරු කර ඇති බව  ඡන්දයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මහ ලේකම්වරයා  අන්තෝනියෝ ගුටේරස්  පැවසුවේය.

(63226 )