IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අනාගත දොස්තරට ප්‍රංශ ජේතවනයෙන් ආලෝකය

කුප්පිලාම්පු එළියෙන් පාඩම් කරමින් මහත් දිෂ්කරතා මැද සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ පස්වැනියා ලෙස සමත්ව මෙවර ජීව විද්‍යා අංශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට තේරී ඇති රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත සිසුවාට වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවී ඉගෙනීමේ කටයුතු අවසන් කරන ශිෂ්‍යත්වයක් පිරිනැමීමට ඤාණිස්සර නාහිමි පදනමේ නිර්මාතෘ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පැරිස් ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියෝ ක්‍රියාකළ බව එම පදනමේ ලේකම් කිරින්දේ පේමසිරි හිමියෝ කියති.

1990 සිට මෙම පදනම විසින් වෛද්‍ය ශිෂ්‍යයන් පන්සීයකට අධික පිරිසකට මෙවැනි ශිෂ්‍යත්ව පිරිනමා ඇති අතර දිවින පුරා විවිධ පළාත්හි රෝහල්වල වෛද්‍ය වරුන් වශයෙන් ඒ අය සේවය කරන බවද උන්වහන්සේ සඳහන් කළහ. 

ලාම්පුතෙල් ලබාගැනීමට අවශ්‍ය මුදල් නොමැතිකම නිසා බැටරි කෑල්ලකට කම්බි අමුණා ආලෝකය ලබාගෙන පාඩම්කර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ රත්නපුර දිස්ත්‍රික්කයේ කවීෂා ලක්ෂානි දිරිය දියණියටත් කළුගල් කඩමින් කුඩාරමක දිවිගෙවමින් පාඩම්කර පහ වසර ශිෂ්‍යත්වය සමත් එම දිස්තික්කයේම පසිඳු සංදීප පුතනුවන්ටත් ඔවුනගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන තුරු මෙම ජනවාරි මාසයේ සිට ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කර ඇතිබවත් පේමසිරි හිමියෝ  පැවසුහ.

ඤාණිස්සර නාහිමියෝ  ශ්‍රී ලංකාවට වැඩමකළ අවස්ථාවේ මෙම පවුල්වල දෙමාපියන් ඇතුළු පවුල්වල අය ගොඩකවෙල තම ඥාති අජිත් රෝහිත පොතුපිටිය මහතාගේ නිවසට කැඳවා ආහාර පානාදියෙන් සංග්‍රහකර තෑගී භෝග ආදිය පරිත්‍යාග කළහ. සුර්ය බල ශක්තියෙන් දැල්විය හැකි බල්බ් 3 ක් සතිත ආලෝක උපකරණයක්ද ඒ හිමියෝ ඔවුනට පිරි නැමූහ.

ආර්ථික වශයෙන් දුප්පත් වුවද නුවණින් පොහොසත් මෙවන් අනුපමේය දරුවන්හට හැකි සැවොම ශක්ති ප්‍රමාණයෙන් අත හිත දෙන්නේනම්, උදව් උපකාර කරන්නේනම් එම දරුවන්ගේ ජිවිත ආලෝකවත් වනවාත් මෙන්ම රටට ජාතියට මහඟු සේවාවක් සැලසෙන බවද උන්වහන්සේ පැවසුහ.

 

rathnapura_1157[1] rathnapura_1176[1]



අදහස් (0)

අනාගත දොස්තරට ප්‍රංශ ජේතවනයෙන් ආලෝකය

තාරානාත් Wednesday, 06 January 2016 06:08 AM

සිතට සතුටක් දනවන පුවතක්..... (නි)

:       0       0

උපසේන Wednesday, 06 January 2016 10:31 PM

අපේ ලංකාවේ හාමුදුරුවරු මේවා ආදර්ශයට ගන්නවා හරි අඩුයි. බණ කියන්නත් සමහරු සල්ලි ගන්නවා කියලයි ආරංචි. අනේ ශාසනයට ගිය කලක්! (නි)

:       0       0

සුමිත්‍ර බස්නායක Wednesday, 06 January 2016 12:22 PM

ඔබ වහන්සේ, නිවන් දක්නා තාක්කල් අප ලක් බිමෙහිම ඉපදී ,මෙවන් අසරණ බුද්ධිමත් දරුවන්ට උදව් උපකාර කිරීමට වාසනාව ලැබේවා. (බ)

:       0       0

කපිල Wednesday, 06 January 2016 07:12 AM

මෙන්න නියම හාමුදුරුවරු. අර මාධ්‍ය සංදර්ශන දාන අය වගේ නෙමෙයි. (නි)

:       0       0

අනුර Wednesday, 06 January 2016 07:19 AM

භික්ෂුන් වහන්සේලා කළයුත්තේ මෙවන් උදාර සේවාවන් තමා, ආගමික ගුණවගා කටයුතු වලට අමතරව. රටේම ප්‍රණාමය ඔබවහන්සේලාට! (නි)

:       0       0

පද්මිණී Wednesday, 06 January 2016 08:21 AM

ඉතාමත් සන්තෝසයි . මෙම කටයුතු තව දුරටත් සාර්ථක වේවා...(බ)

:       0       0

ප්‍රේමතිලක ද සිල්වා Wednesday, 06 January 2016 08:25 AM

උදාරතර සමාජමය වගකීමක් ඉටුකර ඇති ඔබ වහන්සේලාගේ මෙම අමිල සේවය තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෙර්යය ඔබ වහන්සේලාට නොඅඩුව ලැබේවා. (බ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Wednesday, 06 January 2016 01:24 PM

සාදු සාදු සාදු....!!! (බ)

:       0       0

උපසේන Thursday, 07 January 2016 05:21 PM

අප මහ නාහිමියෝ යම් දිනෙක බුදු වේවා! (නි)

:       0       0

දුල්මි Wednesday, 06 January 2016 09:25 AM

හරිම සතුටුයි. උදව් කල සැමට පින්. දරුවන්ට යහපතක්ම වේවා . (ස)

:       0       0

විජිත් Wednesday, 06 January 2016 10:10 AM

පැරිසියේ වසන ඉතාමත් සුපෙක්ශාකාමි සිල්වත් හිමිනමක්.මම කිහිප වතාවක් උන්වහන්සේව හමුවෙලා තියෙනවා.හාමුදුරුවනේ, මේ පින්ම ඇති දවසක නිවන් අවබෝධ කරගැනීමට.(ම)

:       0       0

කුමාරගම Wednesday, 06 January 2016 05:22 PM

ඉතාම හොඳ ක්‍රියාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site