කුප්පිලාම්පු එළියෙන් පාඩම් කරමින් මහත් දිෂ්කරතා මැද සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ පස්වැනියා ලෙස සමත්ව මෙවර ජීව විද්‍යා අංශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට තේරී ඇති රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත සිසුවාට වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවී ඉගෙනීමේ කටයුතු අවසන් කරන ශිෂ්‍යත්වයක් පිරිනැමීමට ඤාණිස්සර නාහිමි පදනමේ නිර්මාතෘ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පැරිස් ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියෝ ක්‍රියාකළ බව එම පදනමේ ලේකම් කිරින්දේ පේමසිරි හිමියෝ කියති.
1990 සිට මෙම පදනම විසින් වෛද්‍ය ශිෂ්‍යයන් පන්සීයකට අධික පිරිසකට මෙවැනි ශිෂ්‍යත්ව පිරිනමා ඇති අතර දිවින පුරා විවිධ පළාත්හි රෝහල්වල වෛද්‍ය වරුන් වශයෙන් ඒ අය සේවය කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
ලාම්පුතෙල් ලබාගැනීමට අවශ්‍ය මුදල් නොමැතිකම නිසා බැටරි කෑල්ලකට කම්බි අමුණා ආලෝකය ලබාගෙන පාඩම්කර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ රත්නපුර දිස්ත්‍රික්කයේ කවීෂා ලක්ෂානි දිරිය දියණියටත් කළුගල් කඩමින් කුඩාරමක දිවිගෙවමින් පාඩම්කර පහ වසර ශිෂ්‍යත්වය සමත් එම දිස්තික්කයේම පසිඳු සංදීප පුතනුවන්ටත් ඔවුනගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන තුරු මෙම ජනවාරි මාසයේ සිට ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කර ඇතිබවත් පේමසිරි හිමියෝ පැවසුහ.
ඤාණිස්සර නාහිමියෝ ශ්‍රී ලංකාවට වැඩමකළ අවස්ථාවේ මෙම පවුල්වල දෙමාපියන් ඇතුළු පවුල්වල අය ගොඩකවෙල තම ඥාති අජිත් රෝහිත පොතුපිටිය මහතාගේ නිවසට කැඳවා ආහාර පානාදියෙන් සංග්‍රහකර තෑගී භෝග ආදිය පරිත්‍යාග කළහ. සුර්ය බල ශක්තියෙන් දැල්විය හැකි බල්බ් 3 ක් සතිත ආලෝක උපකරණයක්ද ඒ හිමියෝ ඔවුනට පිරි නැමූහ.
ආර්ථික වශයෙන් දුප්පත් වුවද නුවණින් පොහොසත් මෙවන් අනුපමේය දරුවන්හට හැකි සැවොම ශක්ති ප්‍රමාණයෙන් අත හිත දෙන්නේනම්, උදව් උපකාර කරන්නේනම් එම දරුවන්ගේ ජිවිත ආලෝකවත් වනවාත් මෙන්ම රටට ජාතියට මහඟු සේවාවක් සැලසෙන බවද උන්වහන්සේ පැවසුහ.
![rathnapura_1157[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/rathnapura_11571.jpg)
![rathnapura_1176[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/rathnapura_11761.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිතට සතුටක් දනවන පුවතක්..... (නි)
අපේ ලංකාවේ හාමුදුරුවරු මේවා ආදර්ශයට ගන්නවා හරි අඩුයි. බණ කියන්නත් සමහරු සල්ලි ගන්නවා කියලයි ආරංචි. අනේ ශාසනයට ගිය කලක්! (නි)
ඔබ වහන්සේ, නිවන් දක්නා තාක්කල් අප ලක් බිමෙහිම ඉපදී ,මෙවන් අසරණ බුද්ධිමත් දරුවන්ට උදව් උපකාර කිරීමට වාසනාව ලැබේවා. (බ)
මෙන්න නියම හාමුදුරුවරු. අර මාධ්‍ය සංදර්ශන දාන අය වගේ නෙමෙයි. (නි)
භික්ෂුන් වහන්සේලා කළයුත්තේ මෙවන් උදාර සේවාවන් තමා, ආගමික ගුණවගා කටයුතු වලට අමතරව. රටේම ප්‍රණාමය ඔබවහන්සේලාට! (නි)
ඉතාමත් සන්තෝසයි . මෙම කටයුතු තව දුරටත් සාර්ථක වේවා...(බ)
උදාරතර සමාජමය වගකීමක් ඉටුකර ඇති ඔබ වහන්සේලාගේ මෙම අමිල සේවය තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෙර්යය ඔබ වහන්සේලාට නොඅඩුව ලැබේවා. (බ)
සාදු සාදු සාදු....!!! (බ)
අප මහ නාහිමියෝ යම් දිනෙක බුදු වේවා! (නි)
හරිම සතුටුයි. උදව් කල සැමට පින්. දරුවන්ට යහපතක්ම වේවා . (ස)
පැරිසියේ වසන ඉතාමත් සුපෙක්ශාකාමි සිල්වත් හිමිනමක්.මම කිහිප වතාවක් උන්වහන්සේව හමුවෙලා තියෙනවා.හාමුදුරුවනේ, මේ පින්ම ඇති දවසක නිවන් අවබෝධ කරගැනීමට.(ම)
ඉතාම හොඳ ක්‍රියාවක්. (නි)