පේරු රාජ්‍යයේ අගනුරින් සැතපුම් 200ක් උතුරින් පිහිටි හුවාමේ හි පෑන් ඇමෙරිකා අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් අවම වශයෙන් 36 දෙනකුවත් මියයන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාර්ගයේ ගමන් කරමින් තිබූ බසයක් ඉදිරියෙන් ආ තවත් බස් රථ දෙකක හා ට්‍රක් රථයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත. එරට ආරක්ෂක අංශ වාර්තා කරන්නේ අනතුරට හේතුව බසයේ රියදුරටා නින්දයාම බවයි. එම බසයේ ක්‍රිස්තියානි ධර්ම දූත සේවයේ නිරතව සිටින පිරිසක් ගමන් කරමින් සිටි බව ද වාර්තාවෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව 2010 වර්ෂයේ දි 2514ක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වූහ. 2013 දී එක් බස් අනතුරකින් 51 දෙනකු මිය ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd