IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අධිරාජ්‍යයක ඉතිහාසය ගං දියෙන් මතුවෙයි

චීනයේ ජියැංග් පළාතේ ගංඟාවකින් පැරණි කඩුවක් මතුව ඇතැයි ද එය වසර 3000ට වඩා පැරණි විය හැකියැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.

මෙය සොයාගෙන ඇත්තේ 11 හැවිරිදි දරුවකු විසිනි. ගයෝයු ප්‍රදේශයේ ලාංෂැඕලිං ගංඟාවේ දියට බැස දෑත් සෝදද්දී මේ කඩුව අතේ වැදුණු බව එය සොයා ගත්  යං ජුංග්ෂි නම් දරුවා පවසයි. ගං පතුලෙන් කඩුව ඉවතට ඇදගත් දරුවා එය සිය නිවසට ගෙනගොස් තිබේ.

මේ කඩුව හමුවීම ගැන අවට ගම්වැසියන් දැන ගැනීමත් සමග එය විශාල මිල ගණන් වලට මිලදී ගැනීමට ගැණුම් කරුවෝ පැමිණියහ. එහෙත් මෙහි වටිනාකම තේරුම්ගත් දරුවාගේ පියා එය පුරාවිද්‍යා බලධාරීන් භාරයට පත්කැර ඇත.

සෙන්ටිමීටර 26ක් දිගැති මේ කඩුව ෂැංග් අධිරාජ්‍යයාගේ හෝ ෂොං අධිරාජ්‍යයාගේ කාලයට අයත් වේ යැයි පුරාවිද්‍යාඥයෝ කියති.

කඩුව පුරාවිද්‍යාඥයන්ට ලබාදුන් පිය පුතු දෙපළට චීන රජය ත්‍යාග ලබාදී ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ කඩුව හමුවූ ස්ථානයේ තවත් පුරාවිද්‍යාත්මක සාධක තිබිය හැකි බැවින් එතැන කැණීම් ආරම්භ කරන බවයි._77446266_chinasword_anhuitv - Copy



අදහස් (0)

අධිරාජ්‍යයක ඉතිහාසය ගං දියෙන් මතුවෙයි

ද සිල්වා Wednesday, 10 September 2014 08:44 AM

වසන්ත, නිධන් හාරමින් පුරාණ ස්ථාන විනාශකරන බවට පළවන පුවත් වලින් අපේ රටේ පත්තර පිරී ඇත.කන්ගැට්ටාගේ කතාව දැන් යටපත්ව ඇත. මෙවැනි අයට විරුද්ධව යමක් ලියන පුද්ගලයන් ඔබට පෙනෙන්නේ කල්ලතෝනි විදහට නම් ඒ ගැන කතා කර වැඩක් නැත (නි)

:       0       0

ශීලා Tuesday, 09 September 2014 07:27 PM

කන්ගැට්ටයි එයාගේ දේශපාලන චක්ගොලයෝයි... ඒ චක්ගොලයන්ව බලේට පත් කරන ලංකාවේ පිං බතාලයි ටික මේ වෙලාවට සිහි වෙනවා. (ස)

:       0       0

ශානක Wednesday, 10 September 2014 03:10 AM

ඒ කියන්නේ ඒ කාලේ යකඩ තාක්ෂනය තිබිලා තියෙනවා (දී)

:       0       0

තිලක් Tuesday, 09 September 2014 11:48 AM

අපේ රටේ කට්ටියට ලැබුණා නම් තමයි නියම (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 09 September 2014 11:54 AM

අළෙවිකොට ලබා ගන්නා මුදලට වඩා පුරාවස්තූන් වල වටිනාකම අගයන පියෙකුගේ උතුම් ක්‍රියාවක් (නි)

:       0       0

ද සිල්වා Tuesday, 09 September 2014 12:26 PM

අපේ පළාතේ මෙහෙම දෙයක් වුණා නම් අපේ පළාතේ ලොක්කෙක් ගෝලයොත් එක්ක ඇවිල්ලා, පියාට කනේ පාරක් ගහලා, කඩුවත් අරගෙන , බැකෝ එක්කක් අරන් ඇවිල්ලා, ගඟත් හාරලා මහා විනාශයකුත් කරාවි (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 01:45 PM

අගය කළයුතු වැඩක් (නි)

:       0       0

සේන Tuesday, 09 September 2014 02:24 PM

අපේ කන්ගැට්ටා ඒ කෞතුකාගාරයට යයිද දන්නේ නැහැ. (නි)

:       0       0

වසන්ත Tuesday, 09 September 2014 03:18 PM

හැම දේකටම අපේ රට ගැනත් මිනිස්සු ගැනත් පහත් විදියට අදහස් දාන්නෙ කල්ලතොනින්ගෙන් පැවැත ගෙන එන පිරිසක් වගේ.(ස)

:       0       0

සම්පත් Wednesday, 10 September 2014 03:18 PM

චීනයේ ගඟෙන් කෞතුකාගාරයට. ලංකාවේ කෞතුකාගාරයෙන් රජ මාලිගාවට ..අනේද කියන්නේ.. (අ)

:       0       0

වසන්ත Wednesday, 10 September 2014 04:02 PM

සිල්වා කියන නම පැවැත එන්නේ කාගෙන්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site