ඊශ්‍රායලය ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවත්, ඊශ්‍රායලය එම ප්‍රහාරය එල්ල කරන ආකාරය පිළිබඳවත්, ඇමෙරිකන් බුද්ධි අංශ සකස් කළ අතිශය රහස් වාර්තා දෙකක්, මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.
රහස් වාර්තා ප්‍රසිද්ධ වීමත් සමඟ මහත් ආන්දෝලනයක් නිර්මාණය වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම අතිශය රහස් වාර්තා ඇමෙරිකන් බුද්ධි අංශ විසින් සකස් කරනු ලැබ ඇත්තේ පසුගිය ඔක්තෝබර් 15 සහ 16 වැනිදාය. පසුගිය දා ඒවා ප්‍රසිද්ධියට පත්වූයේ ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ, ඉරාක හිතවාදීන් අතරේය.
මෙම අතිශය රහස් වාර්තා ප්‍රසිද්ධියට පත්වූයේ කෙසේදැයි යන්න සෙවීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ මේ වනවිටත් කඩිනමින් විමර්ශන ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතරේ යුද්ධයක් හටගනීවි යැයි බියක් පවතී. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත.
ඊශ්‍රායලය මෙම අනතුරු ඇඟවීම කළේ ඉරානය පසුගිය පළමු වැනිදා ඊශ්‍රායලයට මිසයිල වරුසාවකින් ප්‍රහාර දීමට උත්සාහ ගැනීමෙන් පසුවය. එම මිසයිල ප්‍රහාරය ව්‍යර්ථ කර ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් විය.
(ඒ.එෆ්.පී.)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අතිශය රහස් ඇමෙරිකන් බුද්ධි වාර්තා ප්‍රසිද්ධ වෙලා
Channa Monday, 21 October 2024 10:11 AM
මීයෙක් ඉඳලද ?තැපෑලෙන් එවලද ?පැය කීයක් දීලද ?
පිටරටවැසියා Monday, 21 October 2024 11:27 AM
එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි. හොල්මන්පිලලා ලෝකෙ හැමතැනම...!!!
kamal Koyrala Monday, 21 October 2024 11:30 AM
ගම්මන්පිළද දන්නේ නැහැ එළිකළේ...?