නැගෙනහිර නයිජීරියාවේ පිහිටි රන් නමින් හැඳින්වෙන සරණාගත කඳවුරට නයිජීරියා  යුද හමුදා ජෙට් යානයකින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නිසා 52ක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.  නයිජීරියා  රජය පවසන්නේ මෙය අත්වැරදීමක් නිසා සිදුවූ බවයි.

මියගිය අය අතර සහන සේවකයින් ද සිටින බව වාර්තා වී ඇත. රතු කුරුස සංවිධානය පවසන්නේ ඔවුන්ගේ සංවිධායේ සාමාජිකයින් හයදෙනකු මියගොස් ඇති බවයි.  තුවාල වූ 200ක පමණ පිරිසට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය බව සහනාධාර කණ්ඩායම් දැනුම් දී ඇත.

බෝකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීමේ අවසන් අදියරට එළඹ සිටින තම හමුදාවන් අතින් වැරදීමෙන් සිදුවූ මෙම ප්‍රහාරයට කණගාටුව ප්‍රකාශ කරන නයිජීරියාවේ ජනාධිපතිවරයා පවසන්නේ මෙවැන්නක් සිදුවූයේ ප්‍රථම වතාවට බවයි. ජනතාවට සන්සුන්ව සිටින ලෙස ද ඔහු ආයාචනා කර ඇත.