පුද්ගලයින් 54 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන්වූ ඉන්දුනීසියා ගුවන්යානය අනතුරකට මුහුණපා විනාශවී ඇති බව එරට ප‍්‍රවාහන බළධරයින් සනාථ කර තිබේ.
යානයේ සුන්බුන් මේ වන විටදී සොයාගැනීමටද හැකිව ඇතැයි සඳහන්ය.සුන්බුන් හමුව ඇති බව පැවසෙන්නේ ඉන්දුනීසියාවේ බින්ග්ටැන්ග් දිස්ති‍්‍රක්කයේ ඔක්බාපේ නම් ප‍්‍රදේශයකිනි.මෙම ප‍්‍රදේශය කඳුගැට වලින් ගහණය.
යානය අතුරුදන්වූහාම පළවූ මාධ්‍ය වාර්තා කිහිපයකම ඔක්බාපේ ප‍්‍රදේශයේ වැසියන් ගුවන්යානයක් ඉතා පහළින් පියාසර කරනු දුටු බව පැවසීයැයි සඳහන් කර තිබුණි.
යානය අනතුරට පත්වන අවස්ථාවේ එම ප‍්‍රදේශයේ තිබී ඇත්තේ අධික වැසි හා තද සුළං සහිත ඉතාම අයහපත් කාලගුණ තත්ත්වයකි.
මෙම යානය කෙටි ගුවන්ගමන් සදහා යොදවා තිබුණකි.අනතුරට ලක්නොවුනේ නම් තවත් විනාඩි 9 කදී එය ගොඩබැස්වීමට නියමිතව තිබුණු බව ඉන්දුනීසියා බළධරයින් පවසයි.
කාලගුණ තත්ත්වය යහපත්වූ වහා යානයේ ඉතිරි කොටස් හා ගමන් කළවුන් සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ඔවුන් කියයි.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අතුරුදන්වූ යානය හමුවෙයි