IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අතුරු මැතිවරණයෙන් අගමැති සුනාක්ට අවාසියි

බ්‍රිතාන්‍ය නගරසභා මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ ‘කොන්සවර්ටිව්’ පාලක පක්ෂය පරාජයට පත් විය. 

ජයග්‍රහණය කළේ විපක්ෂය වන කම්කරු පක්ෂයයි. මෙම නගරසභා මැතිවරණය සුනාක් සහ ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් ලෙස හැඳින්විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කළහ.

නගරසභා මැතිවරණය පරාජය වීමෙන් පෙනී යන්නේ සුනාක් සහ කොන්සවර්ටිව් පක්ෂයේ ජනප්‍රියත්වය කෙමෙන් ගිලිහී යමින් පවතින බව යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලන්ඩන් නගරාධිපති ලෙස කටයුතු කරන කම්කරු පක්ෂ දේශපාලන සදීක් ඛාන්ට දිගටම එම තනතුරේ රැඳී සිටීමට සමත් විය. කොන්සවර්ටිව් පක්ෂයේ බලකොටු වී තිබුණු නගර බොහොමයක බලය අල්ලා ගැනීමට කම්කරුපක්ෂය සමත්වීම විශේෂත්වයකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

අතුරු මැතිවරණයෙන් අගමැති සුනාක්ට අවාසියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site