වසර 7000 ට පෙර ලොව විසූ මානවයා පුළුස්සාගත් සත්ත්ව මාංශ හා පැලෑටි යොදා සෑදූ සලාද වැනි ආහාර කෑමට ගත් බව පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ සූජාඩානයේ අල්කයිඩා ප්‍රදේශයෙන් සොයාගත් පැරණි මානව සිරුරක දත් විශ්ලේෂණය කිරීමෙන් මේ බව සොයා ගැනීමට හැකි වූ බවයි.
අතීත ඊජිප්තු වැසියන් ඖෂධයක් ලෙස යොදා ගත් දම්පැහැති සේජ් නමැති පන් වර්ගය මොවුන් බහලව ආහාරයට ගෙන ඇත. අතීත සූඩානයේ විසූ ප්‍රාග් ඓතිහාසික මානවයාට ඖෂධ පිළිබඳ යම් දැනුමක් තිබෙන්නට ඇතැයි පර්යේෂකයෝ එම දත්ත අනුව විග්‍රහ කරති.
පරීක්ෂණය සිදුකළ බර්සිලෝනා හා යෝක් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ තමන් මේ පර්යේෂණයට පදනම් කරගත්තේ අදින් වසර 7000ට පෙර වර්තමාන සූඩානයේ දී මියගිය තරුණයකුගේ සිරුරේ තිබූ දත්වල අඩංගු රසායනික සයෝග බවයි.
ඔවුන් කෑමට ගත් සේජ් නමැති පන් වර්ගය දැන් මිනිසාගේ ආහාරයට එක්කැරගන්නේ නැත. එය වල් පැලෑටියකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමලී, ඔයා කියන්නේ වර්තමාන ලංකාවේ තියෙන තත්ත්වය, අවුරුදු 7000 කට උඩදී සුඩානයේ අල්කයිඩා වල තිබෙන්න ඇති කියාද? ඒ තරුණයා ඒ කාලයේ තණකොළ කාලා හරි ජීවත් වුණා. (නි)
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් (නි)
කෘෂිකර්මාන්තය නොදියුණු අවදියක තිබුණු එම යුගයේ මිනිසුන්ට අද වගේ ධාන්‍ය බහුල ආහාර තිබුනේ නැහැ. ඒ නිසා අවට පරිසරයේ වැවෙන ගස් වල විවිධ කොටස් ආහාරයට ගත්තා. එකල එම ආහාර ජීරණය කිරීමට ඔවුන්ගේ ආහාර මාර්ග පද්ධතිය හැඩ ගැසී තිබුනා. පසුව එම ජන කොටස කිසියම් හේතුවකින් ප්‍රදේශයෙන් වඳ වී ගොස් වෙනත් ජන කොටසක් එහි පදිංචි වෙන්න ඇති. එම ජනතාව මේ ශාකය ආහාරයට සුදුසු බව නොදන්නා හෙවත් පරපුරෙන් පරපුරට භාවිතා නොකළ ජන කොටසක් වන්න පුළුවන්. එමනිසා එය භාවිතය කිරීම අවසන් වුණා විය හැකියි. (නි).
මාංශ හා පැළෑටි යොදා සෑදූ සලාද වැනි ආහාර කෑමට ගත්තාද, නැතහොත් කන්න දෙයක් නැතිකමින් වල් පැළෑටි කෑවාද කියලා හොඳින් සොයාබැලිය යුතුයි (නි)