වසර 7000 ට පෙර ලොව විසූ මානවයා පුළුස්සාගත් සත්ත්ව මාංශ හා පැලෑටි යොදා සෑදූ සලාද වැනි ආහාර කෑමට ගත් බව පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ සූජාඩානයේ අල්කයිඩා ප්‍රදේශයෙන් සොයාගත් පැරණි මානව සිරුරක දත් විශ්ලේෂණය කිරීමෙන් මේ බව සොයා ගැනීමට හැකි වූ බවයි.
අතීත ඊජිප්තු වැසියන් ඖෂධයක් ලෙස යොදා ගත් දම්පැහැති සේජ් නමැති පන් වර්ගය මොවුන් බහලව ආහාරයට ගෙන ඇත. අතීත සූඩානයේ විසූ ප්‍රාග් ඓතිහාසික මානවයාට ඖෂධ පිළිබඳ යම් දැනුමක් තිබෙන්නට ඇතැයි පර්යේෂකයෝ එම දත්ත අනුව විග්‍රහ කරති.
පරීක්ෂණය සිදුකළ බර්සිලෝනා හා යෝක් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ තමන් මේ පර්යේෂණයට පදනම් කරගත්තේ අදින් වසර 7000ට පෙර වර්තමාන සූඩානයේ දී මියගිය තරුණයකුගේ සිරුරේ තිබූ දත්වල අඩංගු රසායනික සයෝග බවයි.
ඔවුන් කෑමට ගත් සේජ් නමැති පන් වර්ගය දැන් මිනිසාගේ ආහාරයට එක්කැරගන්නේ නැත. එය වල් පැලෑටියකි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතීතයේ ප්‍රනීත ආහාර අද වල් පැලෑටි
සත්‍යා Saturday, 19 July 2014 01:39 AM
නාමලී, ඔයා කියන්නේ වර්තමාන ලංකාවේ තියෙන තත්ත්වය, අවුරුදු 7000 කට උඩදී සුඩානයේ අල්කයිඩා වල තිබෙන්න ඇති කියාද? ඒ තරුණයා ඒ කාලයේ තණකොළ කාලා හරි ජීවත් වුණා. (නි)
අමිත් Saturday, 19 July 2014 03:17 AM
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් (නි)
සුජිත් Saturday, 19 July 2014 04:50 AM
කෘෂිකර්මාන්තය නොදියුණු අවදියක තිබුණු එම යුගයේ මිනිසුන්ට අද වගේ ධාන්‍ය බහුල ආහාර තිබුනේ නැහැ. ඒ නිසා අවට පරිසරයේ වැවෙන ගස් වල විවිධ කොටස් ආහාරයට ගත්තා. එකල එම ආහාර ජීරණය කිරීමට ඔවුන්ගේ ආහාර මාර්ග පද්ධතිය හැඩ ගැසී තිබුනා. පසුව එම ජන කොටස කිසියම් හේතුවකින් ප්‍රදේශයෙන් වඳ වී ගොස් වෙනත් ජන කොටසක් එහි පදිංචි වෙන්න ඇති. එම ජනතාව මේ ශාකය ආහාරයට සුදුසු බව නොදන්නා හෙවත් පරපුරෙන් පරපුරට භාවිතා නොකළ ජන කොටසක් වන්න පුළුවන්. එමනිසා එය භාවිතය කිරීම අවසන් වුණා විය හැකියි. (නි).
නාමලී Friday, 18 July 2014 10:42 AM
මාංශ හා පැළෑටි යොදා සෑදූ සලාද වැනි ආහාර කෑමට ගත්තාද, නැතහොත් කන්න දෙයක් නැතිකමින් වල් පැළෑටි කෑවාද කියලා හොඳින් සොයාබැලිය යුතුයි (නි)