ඇමරිකාවේ ඔක්ලහෝමා හිදී දෑත් ඔසවාගෙන සිටි කළු මිනිසකුට පොලිසිය වෙඩි තබා මරා දැමීයැයි කළු ජාතිකයෝ උද්ඝෝෂණයක් ඇරඹූහ.

මෙම නිරායුධ මිනිසා දෑත් උඩට ඔසවාගෙන තම කාරය දෙසට යද්දී පොලිසියේ වෙඩි පහරින් ඔහු බිම ඇද වැටිණි. ටෙරන්ස් ක්‍රචර් (40) ගේ ඝාතනය ගැන ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇති අතර ඇගේ සොහොයුරිය කියනුයේ පොලිසිය ඔහුට වෙඩි තැබූ බවයි.

පාරේ වීඩියෝවලින් ද එම කථාව තහවුරු කරයි. ක්‍රචර්ගේ කාරය කාර්මික දෝෂයකට ලක්වී නතරවීමෙන් පසු ක්‍රචර් කාරයෙන් බැස උදව් ඉල්ලීමට යද්දී මෙම අනතුර සිදුවී ඇතැයි ඔහුගේ පවුලේ සාමාජිකයෝ කියති.

පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ මේ සිද්ධිය වූ බවත් මාර්ගය අවහිර වනසේ කාරයක් අතහැර දමා තිබූ බවත් මිනිසුනට අවහිර වන බවත් කියමින් එම ප්‍රදේශයේ කතක පොලිසියට දුරකථන ඇමතුමක් දුන් බව පොලිසිය කියයි. තවත් එවැනි ඇමතුමක් ලැබුණු බව පොලිසිය කියයි. එක් පොලිස් කාන්තාවක කියනුයේ දුවමින් සිටි ක්‍රචර්ගෙන් ඇසූ ප්‍රශ්නවලට උත්තර නොදුන් බවත් ඔහු සාක්කුවට අතදැමූ බවත් ඔහු තම අවිය ගැනීමට එසේ කරන්නට ඇති බව සිතී යැයි ද ඈ ළඟ තිබූ අවිය ඔහු දෙසට එල්ල කර දණ ගසන්නැයි ඔහුට කී නමුත් ඔහු එසේ නොකළ බව ඇය පොලිසියට කියා ඇත.

උතුරු කැරොලිනා පොලිස් ප්‍රකාශිකාවක පැවසූයේ ක්‍රචර් ඔහුගේ කාරය ළඟට ගොස් ඉණට අත දමමින් සිටි බවයි. එවිට ක්‍රචර් ලේ විලක් මැද වැටුණු බවත් මොහොතකින් පණ ගිය බවත් ඇය කීවාය.

ඇමරිකා පොලිසිය ත්‍රස්තවාදීන් පණ පිටින් අත්අඩංගුවට ගනිද්දී නිරායුධ ක්ලචර් එසේ අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි ක්‍රචර් පවුලේ නීතිඥවරු ප්‍රශ්න කරති.

පොලිසියට එරෙහිව විරෝධතා දැක්වූ පිරිස් ගල් මුල් ගැසීමෙන් පොලිසියේ 11 දෙනකු තුවාල ලැබූ බවද පොලිසිය කියයි.

web2028_6bd3aab4-6f84-47e3-ab53-93afc2a9a9c3 web22026_ae797a06-6393-4310-9183-865b3656e72e