බිම වැටීම හේතුවෙන් චිලී රෝහලකට ඇතුලත් කළ වයස අවුරුදු 90ක කාන්තාවකගේ ගර්භාෂයේ තිබී කළලයක් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛද්‍යවරු පෙන්වාදෙන්නේ එය ගර්භාෂයේ වසර 50ට වැඩි කාලයක් තිබෙන්නට ඇති බවයි. චිලී දේශයේ ශාන්ත ඇන්තෝනියෝ රෝහලකට ඇතුලත් වූ මේ කාන්තාවගේ එක්ස් කිරණ ඡායාරූපයක් ගත් අවස්ථාවේ දී මේ අසාමාන්‍ය කළලය හමුව ඇත. කිලෝ දෙකක පමණ බරක් ඇතැයි අනුමාන කරන මේ කලලය ගල් වී තිබූ බවත් එවැනි කලලයක් හමුවීම ඉතා කලාතුරික්න සිදුවන්නක් බවත් වෛද්‍යවරු කියති.