මාස 8 ක ගැබිනි ගුරුවරියකට රාත්‍රී වූ සමාජ ශාලාවකට ඇතුළු වීම තහනම් කරන ලද පුවතක් එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරින් වාර්තා වේ.

ඒ ඇය තම යෙහෙළිගේ සාදයට සහභාගි වීමට උස් අඩි පාවහන් වෙනුවට පැතලි අඩි සහිත පාවහන් පළඳා පැමිණීම හේතුවෙනි.

ඇබී ඇෂ්ක්‍රොෆ්ට් (28) නැමැති ඇය ඩර්හැම් නුවර කලා ගුරුවරියකි.

ඇය ගැබිණියක බැවින් පැතලි අඩි සහිත පාවහන් පැළැඳ පැමිණි බවත් ඇයට ඇතුල් වීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් ඇගේ අනෙක් යෙහෙළියෝ සමාජ ශාලාවෙන් ඉල්ලුහ.

di di2