ලොව උසම මිනිසා හැටියට සැළැකුනු යුක්රේන ජාතික ලියොනිඩ් ස්ටැඩ්නියැක් පසුගියදා මිය ගියේය.

මිය යන විට ඔහු 44 වැනි වියේ පසුවිය.

මරණයට හේතුව ලෙස වෛද්‍යවරුන් පැවසූයේ ලියොනිඩ්ගේ මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයකි.

අඩි 8 යි අගල් 5 ක උසකින් යුතුවූ ඔහු වාර්තා පොත් වලට අනුව ලොව උසම මිනිසා වුවද තම නම වාර්තා අතරට එක්කරගන්නට ඔහු කිසිවිටෙකත් කැමැති වූයේ නැත.

ලියොනිඩ්ගේ මේ අසාමාන්‍ය උසට හේතුව ලෙස සැළකෙන්නේ ඔහු 12 වැනි වියේදී මොළයට සිදුකරන ලද සැත්කමකදී වූ වරදකි.

ගිනස් බළධාරීන් පවසන ආකාරයට ඔවුන් කිහිපවරක්ම ලියොනිඩ් හමුවී ඔහුගේ උස මැන ඔහුව වාර්තා අතරට එක්කරන්ට උත්සාහ කළත් අනවශ්‍ය ප්‍රසිද්ධියක් තමන්ට අවශ්‍ය නැතැයි කියමින් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙනිසා තමන්ට අවසානයේ ලියොනිඩ්ට වඩා අඟල් කිහිපයකින් මිටි වන චීනයේ බාඕ ෂිසුන්ග් ලොව උසම මිනිසා යැයි නම් කරන්නට සිදුවූ බව ඔවුන් කියයි.

ලියොනිඩ්ගේ අසල්වාසීන් පවසන්නේ ඔහු ඉතාම කරුණාවන්ත හා පරිත්‍යාගශීලී පුද්ගලයෙකු වූ බවයි.වෙනත් පුද්ගලයෙකු මෙසේ උස් වී නම් ඔහු ප්‍රසිද්ධිය පස්සේ දුවනු ඇති වුවද ලියොනිඩ් නම් කළේ ඔහුට ලැබුණු අවස්ථා සියල්ල ප්‍රතික්ෂේප කිරීම යැයි ඔවුන් සිහිපත් කරයි.

තම උස ශාපයක් ලෙස ලියොනිඩ් සැළකූ බව ඔවුන් පවසයි.

ලියොනිඩ් මිය යන විට තනිකඩයෙකි. විවාහ යෝජනා පැමිණියද තමන්ගේ දුක අනෙක් කෙනෙකු දැරිය යුතු නැතැයි යන මතයේ සිටි ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.

ලියොනිඩ්ගේ මෘත ශරීරය තැබීමට වෙනම මිනී පෙට්ටියක් සෑදීමට සිදුවූ අතර එය සාමාන්‍ය මෝටර් රථයකින් ගෙන ආ නොහැකි තරමේ නිසා ඔහුගේ හිතමිතුරන්ට සිදුවූයේ ලොරියක පිහිට පැතීමටය.

වාර්තා පොතේ නම සඳහන් නොවූවද හදවත් බොහෝමයක නොමැකෙන ලෙස නම සදහන් කිරීමට සමත්වූ ලියොනිඩ් අවසානයේ තම අල්වාසීන්ගේ හා හිතමිතුරන්ගේ සුසුම් මැද ඔහුගේ ගම් ප්‍රදේශයේ සුසාන භූමියේ මිහිදන් කැරිණි.

1409148775302_wps_25_Minolta_DSC 1409149012527_Image_galleryImage_Leonid_Stadnyk_burial_3_e 1409149021038_Image_galleryImage_Leonid_Stadnyk_burial_2_e 1409150129766_wps_40_Minolta_DSC 1409150164328_Image_galleryImage_Minolta_DSC 1409150197360_Image_galleryImage_Minolta_DSC 1409150224160_Image_galleryImage_Minolta_DSC 1409150254849_Image_galleryImage_Minolta_DSC