අඩි 35,000ක් ඉහළින් පියාසර කරමින් තිබූ බොයිං 787 වර්ගයේ ගුවන් යානයක වා කවුළු වීදුරුවක් කඩා දැමූ පුද්ගලයකු අගෝස්තු 11 වැනි දින අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

අයිස්ලන්තයේ සිට ෆ්ලොරිඩා දක්වා ගමන් කරමින් තිබූ තොම්සන් එයාර්වේස් ගුවන් සමාගමට අයත් යානයක කවුළුවක ඇති වීදුරුවක් කඩා දැමූ නිකොලස් විටාකර් (43) නමැති පුද්ගලයා මෙලෙස අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

යානය අයර්ලන්තයට ඉහළින් ගමන් කරමින් සිටිය දී මගියකු විසින් ගුවන් යානයේ වීදුරුවක් බිඳ දැමූ බව ගුවන්විදුලි පණිවිඩයක් මගින් මැන්චෙස්ටර් ගුවන්තොටුපොළ පොලීසියට දන්වා ඇත.

ගුවන් තාක්ෂණ නිලධාරීන් පවසන්නේ ඔහු බිඳ දමා ඇත්තේ වීදුරු දෙකකින් යුත් ගුවන් යානා කවුළුවේ ඇතුළත වීදුරුව පමණක් බවයි. ඒ හේතුවෙන් කිසිවකුට හානියක් සිදු නොවූ බවත් අනෙක් වීදුරුවත් කැඩී ගියේනම් යානයේ ඇතුලත පීඩනය ක්ෂණිකව වෙනස්වීම හේතුවෙන් යානය කඩාවැටීමට ඉඩ තිබූ බවත් තාක්ෂණ නිලධාරින් පවසයි. 

1406876899251_wps_1_DRKHAB_Thomson_Boeing_737