කොරියාවේ අගනුවර වන සෝල් නගරයට දකුණින් පිහිටි සියොන්ග්නම් හි පැවති පොප් සංගීත සංදර්ශනයකදී වු අනතුරකින් 16 දෙනෙක් මියගොස් 11 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට බලධාරින් පවසන්නේ ප්‍රසංගය පැවැති භූමියේ වාතාශ්‍රය ලබාදීම සඳහා වු ගරාදියක් භුගත රථගාලකට කඩා වැටීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි. ඒ අට්ටාලය අඩි 33 ක් කඩා වැටීමෙන් ප්‍රසංගය නැරඹූ පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.
එකට එකතුවු පිරිස් එළිමහනේ වු සංගීත සංදර්ශනය නරඹා තිබේ. මෙම සංදර්ශනයේදී කොරියාවේ ජනප්‍රිය කාන්තා සංගීත කණ්ඩායමක් වු ‘ෆෝ මිනිට්ස්‘ සහ වෙනත් කංඩායම් ගායන වාදන ඉදිරිපත් කර ඇත.
විපතට පත් පිරිස ඉහළින් තිබු ගරාදිය මතට නැග ඇත්තේ වඩාත් හොඳින් මෙම ප්‍රසංගය නැරඹීමටය.
ගලවා ගැනීමේ සේවකයන් පවසන්නේ මරණ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවයි.
දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරණ්නේ එළි මහන් ප්‍රසංගය පැවැතියේ කාර්මික ජනපදයක් වු පන්ග්යෝ ටෙක්නො මිටියාවතේදී බවයි. ප්‍රසංගය පවත්වා ඇත්තේ දේශීය උත්සවයක කොටසක් ලෙසිනි.
විශාල පිරිස අතුරින් 20 ක 30 ක පමණ පිරිසක් මෙකී වාතාශ්‍ර ගරාදිය වෙතට නැග තිබේ. ඔවුන්ගේ බර හේතුවෙන් මෙම ගරාදිය කඩා වැටෙන්නට ඇතැයි පැවසේ.
ඇසින් දුටුවෙක් පවසා ඇත්තේ එක් වරම විශාල කෑගැසීමක් ඇසුනු බවත් ඒ දෙසට තමා හැරෙද්දී මිනිසුන් එම ගරාදිය කඩාගෙන ඇතුලට වැටෙමින් සිටි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැක්කහම මට පඹහින්නේ සරසවි සිසුන්ගේ අට්ටාලය මතක්වුණා (නි)