රුසියානු අභ්‍යාවකාශ චන්ද්‍රිකාවකින් කක්ෂය වෙත යවනු ලැබූ හූනු කටුස්සන් හය දෙනාම යානය නැවත පෘථිවියට පැමිණෙන විට මියගොස් සිටියහ. ඔවුන් යවන ලද්දේ ලිංගික පර්යේෂණක් වෙනුවෙනි. ඔවුන් අභ්‍යාවකාශයට රැගෙන ගිය ෆෝටෝන-එම් 4 නමැති චන්ද්‍රිකාව පසුගිය සඳුදා පෘතිවියට පැමිණියේය. විශේෂඥයන් පවසන්නේ තාපන ක්‍රියාවලිය බිඳවැටීමෙන් පසු අධික ශීතලෙන් මේ සතුන් මියයන්නට ඇති බවයි.
මොවුන් අභ්‍යාවකාශයට යවන ලද්දේ ලිංගික ක්‍රියාවලියේ දී බර අඩුබව බලපාන්නේ කෙසේ ද යන්න සොයා බැලීමේ අපේක්ෂාවෙනි.
‘‘ඔවුන් සතියකට පමණ පෙර මියයන්නට ඇති බව අපට නිශ්චිතව ම කිව හැකියි. ඔවුන්ගේ සිරුරු අර්ධ වශයෙන් මමිකරණය වී තිබුණා.‘‘ යැයි වෛද්‍ය ජීව විද්‍යාව සම්බන්ධ රුසියානු ආයතනය පවසයි.
රුසියානු අභ්‍යාවකාශ කාර්යාංශය මේ මරණවලට නිශ්චිත හේතුවක් මෙතෙක් ඉදිරිපත්කැර නැත. මේ යානයේ හූනු කටුස්සන්ට අමතරව ඩ්‍රොසෆිලා පළතුරු මැස්සන් ද ගමන් කැර ඇත. යානය යළි පැමිණෙන විටත් ජීවත්ව සිටි මේ පළතුරු මැස්සෝ තම වර්ගයා බෝ කරගෙන සිටි බව ද වාර්තා වේ.
හතු සහ බීජ වර්ගවල පැලවීම හා වැඩීම සම්බන්ධව ද පර්යේෂණ මෙම යානයතුළ සිදුකරන ලදී. අඩු ගුරුත්වාකර්ෂණ තත්ත්ව යටතේ විශේෂ රික්ත උඳුන් මගින් ද්‍රව ලෝහ ඝනවන ආකාරයත් ඝන ලෝහ ද්‍රව වන ආකාරයත් පරී්ක්ෂණයට බඳුන් විය.
ටොන් හයක් බරැති මේ චන්ද්‍රිකාව පසුගිය ජූලි මස 19 දා ගුවන්ට යවන ලදී. අභ්‍යාවකාශයේ මාස දෙකක් පර්යේෂණ කටයුතුවල නිරත විය යුතුව තිබුණ ද දින 44කින් එය නැවත පැමිණියේය. අභ්‍යාවකාශගත වීමෙන් සුළු මොහොතකට පසු යානය හා රුසියා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අතර තිබූ සම්බන්ධතා බිඳවැටිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් කුමාර් එහෙම කතා තියනවා තමයි. ඇමෙරිකාව හඳට ගියේ නැහැ කියන කතාවටත් බිඳ හෙලන්න අමාරු තර්ක තියනවා (නදී)
රුසියාව ගගාරින් උඩු ගුවනට යැවීමට පෙර මිනිසුන් කීපදෙනෙක් යැවූ බවත් ඔවුන් උඩු ගුවනේදී මියගිය බවත් දැන් හොයාගෙන තියෙනවා නේද? (නි)
ඒ කියන්නේ සම්පුර්ණ මමීකරණය කරන්න පුළුවන් වුණොත් ශ්‍රේෂ්ඨ අයගේ මළසිරුරු හැමදාටම තියාගන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න පුළුවන් වේවි. (නි)