අඟහරුමත පර්යේෂණයේ යොදවා ඇති කියුරියෝසිටි යානයට අඟහරු මතින් කාබනික අණු සහිත මේද අම්ල හමුවී ඇතැයි නාසා ආයතනය පවසයි. මේ අණු ජෛව විද්‍යාත්මක ද නැද්ද යන්න මූළික පරීක්ෂණවලදී අනාවරණය නොවූ බව ද විද්‍යාඥයෝ කියති.

නාසා විද්‍යාඥ ඩැනියෙල් ග්ලේවින් පවසන්නේ ප්‍රතිළුලය තෙත් රසායනිකයන් පිලිබඳව කියුරිසිටි යානය මගින් පැවැත්වු පරික්ෂණ මගින් පළමු වරට පෙන්වා දි ඇති බවයි.

මෙම ප්‍රාථමික ප්‍රතිළුල මගින් විද්‍යාඥයින් තැතිගෙන ඇත්තේ මේද අම්ලය සියළුම ජීවින්ගේ සෛල තුල පටකයේ පිහිටි ප්‍රධානම සංඝටකයක් වන හෙයිනි. මෙම තත්වය ක්ෂුද්‍ර ජීවින් තුලද පවතී. ඒ මේද අම්ල ජෛව විද්‍යාත්මක යැයි තහවුරු වුවහොත් අඟහරුමත ජීවය තිබූ බවට එය හොඳම සාක්ෂියකි.