ට්‍රැෆික්ලයිට් කට්ටලයකට සමාන වූ අසාමාන්‍ය රූපයක් කියුරියෝසිටි රොබෝ රෝවරය අඟහරුමත සිට පෘථිවියට එවා ඇතැයි නාසා ආයතනය පවසයි. මෙය කඳු පෙළගැස්මකට සහ හැඩයකට වඩා වෙනස් දෙයක් නොවූව ද එමගින් අඟහරු ග්‍රහයාගේ මතුපිට ඇති විශ්මිත බව තවත් තීව්‍ර කරයි.
කියුරියෝසිටි රෝවරයේ වම්පස අඩි හයක් පමණ උසින් පිහිටි කැමරාවක් මගින් මේ ඡායාරූපය ගෙන ඇත. රෝවරය අඟහරු ග්‍රහයා ගවේෂණයේ 753 වැනි දිනයේ දී එම ඡායාරූපය ගෙන ඇතැයි ද නාසා ආයතනය පවසයි.
මේ ඡායාරූපය ගැන නාසා පර්යේෂකයන් කිසිදු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුකැර නැතිය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පිස්සුද (දී)
අඟහරු ග්‍රහයා අයිති අපට බව මිරැන්ඩෝ මහතා කියලා නැත්ද ? (දී)
රාවනා රජ්ජුරුවෝ මැණික් ගල් හතක් ලංකාවට ගෙනල්ල තියෙන්නේ අඟහරු ග්‍රහයා මතින් එදා කොකොමද ගහින් තියෙන්නේ ??? (දී)
අඟහරු ග්‍රහයා රක්ත වර්ණ ග්‍රහයෙක් යයි පුරාන බ්‍රාහ්මණයන් පවසා තියෙනව .ඇමෙරිකාව කියනව අඟහරු ග්‍රහයාගේ පස් රතු වර්ණයට හුරුයි කියල .මම කල්පනා කලේ අතීත මිනිසුන් කොහොම එහෙම කිවුවද කියල ? (දී)
කොහොමත් ළඟදීම අඟහරු මත ට්‍රැෆික් ලයිට් දාන්න වෙනවා , ඉන්දියාවත් ලඟදි මෙහෙ රෝවර රොබෝ එකක් එලවනවා , අර දිල්ලි නගරයේ මුම්බායි නගරයේ වාගේ , පේව්මන්ට් උඩින් එහෙන් මෙහෙන් රතු එළියටත් වාහන පදවන නිසා. (ස)
සඳරුවන් බීලා ඇවිත් වගේ ? (දී)
පුෂ්පසිරි, අන්වීක්ෂ හදන්න කලින් තමයි බුදු හමුදුරුවෝ ඇසට නොපෙනෙන ජීවීන් ගැන කිව්වේ (දී)
ඒකනම් ගල් වලින් හැදුන එකක් පෙන්නේ නැද්ද, (දී)
මේදේ කවදාවත් වෙන්න බැහැ අගහරුට කිසිම දවසක යානාවක් හදාගෙන යන්න බැහැ අපිට පේන ඔය අගහරු ඇත්ත ග්‍රහය නෙවෙයි ග්‍රහයාගේ චායාව ඕසෝන් ස්තරයට වැටුනම පේන විදිය මේ ඔක්කොම ගොතපු කතන්දර විතරයි මම නසා එකට අබියෝග කරනවා. (දී)
රාවනා කියලා කෙනෙක් පිලි අකමැති මිනිස්සු අගහරු කියලා ග්‍රහයෙක් ඉන්නවා කියලත් පිලි ගන්න එපා (දී)
මේ පින්තුරය ගැන මට සැකයි.ඉන්දියන් කාරයෝ ච්ත්‍රපටි හදනවා වෙන රටවල පටිගතකරලා.(දී)
සුදත් රෝහණ මොළයට විරේකයක් ගන්න , එවිට ඔබට මේවා වැටහෙනවා , බෞතිකව සිතන්න පුරුදුවන්න , කියවීම දියුණු කරන්න (දී)
රාවණා දෙවියෙක් කරන්න හදන අති පණ්ඩිතයන්ටයි මම මේ කියන්නේ, එයාලම කියන විදියට සිහි මුර්ජාවෙන් නැගිට ගන්න බැරුව ඉන්න කෙනා අනිත් අයට කොහොම පිහිට වෙන්නද? (දී)
එහෙත් මෙහෙ වගේ හයිස්පිඩ් ඇල්ලුවද දන්නේ නැහැ (දී)
වාහන නැද්ද බලන්න (දී)
කොඩි බුදු දහම විකුර්ති කරන්න එපා බොරු මනස් ගාථ කියල , ඉස්සෙලම පන්සිල් පද ඉගෙන , ත්‍රිපිටකය ඉගෙන ගන්න , එවිට ඔය බහු බුත අදහස් ඔලුවෙන් යාවි , (දී)
තව ටික දවසකින් වාහන දෙක තුනක් බලාගන්න පුළුවන් වේවි මාර්ග සංඥා තියෙනවා නම්. දැන්ම ගියොත් පහසුයි වගේ. (නි)
හරියට ඇමරිකාවේ කාන්තාර ප්‍රදේශයක් වගේ (නි)
බලන්න ලංකාවේ ට්‍රැෆික් පොලිස් දෙන්නෙකුත් ඔය ගලකට එහෙම මුව වෙලා ඉන්නවද කියලා. (දී)
සුදත්, රාත්‍රියට අහස දිහා බැලුවා නම් අඟහරු රතට පෙනෙනවා. සිකුරු නිල් පාටට, බ්‍රහස්පති ලා කොළ-කහ, සෙනසුරු තැඹිලි... (නි)
මේක භූ විෂමතා පිහිටීමක් මම නම් හිතන්නේ (නි)