අඟහරුමත ජීවීන්ට සුදුසු පරිදි ඔක්සිජන් නිපදවීමට කටයුතු කරන බව නාසා ආයතනය පවසයි. මාර්ස් 2020 නමැති රෝවරයක් මගින් මෙය සිදුකිරීමට නියමිතය. එම රෝවරය 2021 දී අඟහරුමත ගොඩබැස්වීමට කටයුතු යොදා ඇතැයි පර්යේෂකයෝ කියති.

මේ රෝවරය යොදාගෙන විද්‍යා ව්‍යාපෘති හතක් අඟහරුමත සිදුකිරීමට නියමිතය. මේ ව්‍යාපෘතිවල අරමුණ වී ඇත්තේ අඟහරුමත අනාගතයේ මිනිසුන්ට ජීවත්වීමට සුදුසු ස්ථාන සකස් කිරීමයි.

මේ රෝවරයෙන් කැමරා දෙකක්, කාලගුනික පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇතුළු උපකරණ කිහිපයක් රැගෙන යාමට නියමිතය. 2020 දී යැවීමට නියමිත මේ යානයෙන් කිලෝ ග්‍රෑම් 950ක පමණ බරක් අඟහරුවෙත යැවීමට හැකියාව තිබේ. 

_76672388_mars_base_artwork