අඟහරුමත ගවේෂණයේ යෙදෙන කියුරියෝසිටි රොබෝ රෝවරය එහිදී උල්කාෂ්මයක් සොයගෙන ඇතැයි අැෙමරිකා ගුවන් හා ගගන පරීක්ෂණ අායතනය ෙහවත් නාසා ආයතනය පවසයි. මෙය අඩි හතක් පමණ විශාල, දීප්තිමත් වස්තුවක් බවත් එය ලෙබනන් නමින් හැඳින්වෙන බවත් පැවසේ.
විද්‍යාඥයන් පවසන්නේ මේ උල්කාෂ්මයේ බහුලව යකඩ තිබෙන බවයි. මෙතෙක් අඟහරු මතදී සොයාගත් උල්කාෂ්මවල බහුලව යකඩ තිබීම හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත. ලෙබනන් උල්කාෂ්මයේ ඡායාරූප පිරික්සීමේ දී පෙනී යන්නේ ඒ ආසන්නයේ ම තවත් කුඩා උල්කාෂ්මයක් ද දක්නට ලැබෙන බවිය. එය ලෙබනන් බී ලෙස හඳුන්වා ඇත.
උල්කාෂ්ම දෙකේම මතුපිට කුහර හා පළුදුවීම් දක්නට ලැබෙයි. මීටර පෙර අඟහරු මත දී ‘ස්පිරිට්‘ සහ ‘ඔපචුනටි‘ යානා විසින් ද උල්කාෂ්ම සොයාගෙන තිබිණි. ඒවායේ ද මතුපිට කුහර හා පළුදුවීම් පිහිටා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අය කොහෙට හරි යන්නමයිනේ හදන්නේ. (නි)
ඕගොල්ලෝ කියන්න, අපි විස්වාසම කරන්නම්. (නදී)
හොඳ සොයාගැනීමක් (නි)
කොහොම හරි කමක් නැහැ එහෙත් ජීවත් වෙන්න පුලුවන්ද බලන්න. මෙහෙන් විකුණලා එහාටවත් යන්න. දැන් මෙහෙ තියන තත්වෙත් එක්ක වසන්න අමාරුයි. මොනවත් කියන්නත් බැහැ ජාතිවාදියෝ කියයි.(නදීී)