IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අඟහරුට යන මිනිසා තෝරයි

අඟහරු වෙත යාමේ අභ්‍යාවකාශ ගමන සඳහා අජඨාකාශගාමීන් බඳවා ගැනීමට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සිය (නාසා) තීරණය කර ඇතැයි  බීබීසි පුවත් සේවය වාර්තා කරයි.

නාසා හි පරිපාලක චාර්ල්ස් බෝල්ඩන් පවසන්නේ අඟහරු මතට ළඟාවීමේ නව පිම්මක් වෙනුවෙන් පෙළඹවීම කරණ බවයි. අඟහරුමත පා සටහන තැබීමේ ඇමරිකානු ඉලක්කය සපුරා ගැනීමටද මෙම පිරිස සහාය කර ගැනීමට බලාපොරොත්තු වන බව බෝල්ඩන් පවසයි.

මේ අවස්ථාව සදහා ඉල්ලුම් කිරීමට ඇමරිකානු පුරවැසියෙක් වීම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම ඉල්ලුම්කරු පෙනුමෙන් දැකුම්කළු, ක්‍රියාශීලි සහ හසළ දැනුමෙන් යුත් අයෙක් විය යුතුය. නාසා ආයතනය මේ සඳහා ගුවන් නියමුවන්ගෙන්, ඉංජිනේරුවන්ගෙන්, විද්‍යාඥයින්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලුම් පත් අපේක්ෂා  කෙරේ.

ඉහත කරුණු වලින් පරිපූර්ණ වුවහොත් නාසා ආයතනය මගින් පවත්වනු ලබන දීර්ඝකාලීන අභ්‍යාවකාශ යානා පිලිබඳ භෞතික පරික්ෂණයෙන් එම තැනැත්තා සමත් විය යුතුය.

මෙම සියලු කරුණු වලින් සමන්විත අයදුම් කරුවන් සුළු පිරිස  පසුව ෆ්ලොරිඩා හි ඇති රොකට් හෝ අභ්‍යාවකාශ යානාවන් ඉහළට  යවනු ලබන ස්ථානයට ගොස්  ගැඹුරු අභ්‍යාවකාශ ගවේෂණ දුත මෙහෙවරට පුහුණුව ලැබිය යුතුය.

නාසා හි හූස්ටන් හි පිහිටි  ජොන්සන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ බ්‍රියන් කෙලී පවසන්නේ මෙය ඇමරිකාවේ මානව අභ්‍යාවකාශ යානා වැඩසටහනේ  උද්දීපනය දනවන අවස්ථාවක් බවයි.

නාසා ඉතිහාසය තුල මෙතෙක් තම අභ්‍යාවකාශ ගමන් මෙහෙවර සඳහා අභ්‍යාවකාශ ගාමින් 300 ක් පමණක්  තෝරාගෙන ඇත.

 

 



අදහස් (0)

අඟහරුට යන මිනිසා තෝරයි

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 17 November 2015 03:33 PM

අපේ ලංකාවෙත් මේකට දක්ෂ කෙනෙක් ඉන්නවා නේද ? රොකට් ගැන කියන , එයාවත් අරිමු අඟහරු ලෝකෙට , එතකොට අපේ රටේ අඟහරු අපල දුරුවෙන්න පුළුවන් (අ)

:       0       0

කුරුවිට Tuesday, 17 November 2015 03:40 PM

හැබැයි පුතෝ යන වාසනාවන්තයාට ආයෙත් පොළොවට පය ගහන්න නම් පුළුවන් වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රිතික් Tuesday, 17 November 2015 06:28 AM

අනේ කොඩිකාර, නාලක නොදන්නාකමටනේ එහෙම කියලා තියෙන්නේ. ඕකට ඔයතරම් උඩපනින්න ඕනෑද? (නි)

:       0       0

අශේන් Tuesday, 17 November 2015 06:28 AM

අපේ රොකට් එකත් බලන්න දැන් කොහෙද තියෙන්නේ කියලා. (නි)

:       0       0

රණවක Tuesday, 17 November 2015 06:30 AM

කාට හෝ ලොකුම රැවටිල්ලක් කළ කපටියොත් මේ අවස්ථාව ඉල්ලන්න එන්න පුළුවන්. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 17 November 2015 06:30 AM

දැන් මාතෘකාව පැත්තකින් තියලා නාලකයි කොඩිකාරයි එක්ක පැටළෙන්න හදනවද කට්ටිය? (නි)

:       0       0

ජේම්ස් Tuesday, 17 November 2015 02:02 AM

මමත් යනවා... (නි)

:       0       0

නාලක Tuesday, 17 November 2015 02:09 AM

අපේ අර රොකට් සම්බන්ධ කෙනාට ඇමරිකන් පාස්පෝර්ට් එකක් හදලා යවමුද? (නි)

:       0       0

රකිත් Tuesday, 17 November 2015 05:03 PM

මම නම් කොහෙත්ම කැමති නැහැ මෙහෙම යන්න (නි)

:       0       0

රුවන් Tuesday, 17 November 2015 05:10 PM

කොඩිකාර, ඇමරිකන් පාස්පෝට් තිබෙනවා නම් එයා ඇමෙරිකානු පුරවැසියෙක් තමයි (නි)

:       0       0

කුමාර් Tuesday, 17 November 2015 09:49 AM

පුලුවන්නම් අපේ මහින්ද මහතාව යවන්නකෝ අගහරු ලෝකටවත් ගිහිල්ලා නිදහසේ ඉන්න පුළුවන් ඒ මනුස්සයට ලංකාවේ ඉන්න දෙන්නේ නෑනේ (ම)

:       0       0

අමල් Tuesday, 17 November 2015 10:30 AM

මමත් කැමතියි යන්න නම්. මාව ගනීද.? (ර)

:       0       0

නුවන් Tuesday, 17 November 2015 02:36 PM

නාසා අයතනය අපේ රටේ එකක් වුනා නම් යවන්නේ රටේ ලොක්කගේ පුතණ්ඩිය ... ඔන්න ගෝත්‍රික සහ දියුණු රටවල වෙනස (අ)

:       0       0

රණවක Tuesday, 17 November 2015 02:37 PM

කවුද බලමු වාසනාවන්තයා (නි)

:       0       0

කොඩිකාර Tuesday, 17 November 2015 04:04 AM

නාලක ඇමරිකන් පාස්පෝර්ට් එකක් හදල දුන්න ගමන් ඇමරිකානු පුරවැසියෙක් වෙනවද ? මන් මේ දන්නේ නැති කමටයි අහන්නේ ? මඩ ගහනකොට ටිකක් පරිස්සමෙන් ගහන්න ඕන හත්පොලේ ගාගන්නේ නැතිව. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site