IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


අඟහරු යානය සොහොනක් වෙයිද?

අඟහරු මතට මිනිසුන් යැවීම වාණිජමය පරමාර්ථයෙන් කිරීමට සැළසුම් කළ නෙදර්ලන්ත ජාතික ව්‍යවසායකයෙකු යටතේ ක්‍රියාත්මක වන ‘‘මාර්ස් වන්‘‘ වැඩසටහනෙහි දෝෂ රාශියක් ඇතැයිද අඟහරු මත ගත කරන දින 68 ක් අවසන යැවෙන සියලූ ගඟනගාමින් හුස්ම ගැනීමට නොහැකිව මිය යනු ඇතැයිද අලූත්ම පර්යේෂණයකින් හෙළිව තිබේ.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ ඇමරිකාවේ එම්.අයි.ටී ආයතනයේ සිසුන් පිරිසකි.ඔවුන් සොයාගෙන ඇති ආකාරයට වැඩසහටන නිර්මාණය කර ඇත්තෝ සළකා බලා නොමැති කරුණු රාශියක් තිබේ.

මාර්ස් වන් වැඩසටහනෙන් අඟහරු මතට ගගනගාමීන් පිරිසක් යැවීමට අපේක්ෂා කෙරෙන අතර අගහරු මත ජනාවාස තැනීමත්, ආහාර භෝග වගාවන් ආරම්භ කිරීමත් එම ගගනගාමීන්ට පැවරී තිබෙන වගකීම් වේ.කෙසේ නමුත් ඔවුන් අඟහරු වෙත යැවෙන්නේ ‘‘වන් වේ‘‘ ගමනකට වන අතර යළි පෘථීවිය වෙත ගෙන්වා ගැනීමක් සිදු නොවේ.

ගගනගාමීන්ට පැවරී තිබෙන වගකීම් ඔවුන්ටම පාරාවළල්ලක් වන බව පර්යේෂණය සිදුකළ සිසුන් කියයි.ආහාර භෝග වගාවන් සාර්ථක වුවහොත් ඒවායින් නිකුත් වන ඔක්සිජන් අධික ලෙස අගහරු වල වායුගෝලයට එක්වීමේ ප්‍රවණතාවක් තිබෙන බවත් එය වහා ගිනිඇවිලෙන සුළු පරිසරයක් නිර්මානය කිරීමේ සමත් බවත් ඔවුන් පෙන්වා දේ.

දෙවැන්න වන්නේ මෙසේ ආහාර භෝග වගාව ආරම්භ කරන තාක් කල් ගගනගාමීන්ට ආහාර සදහා  ගෙනයන ආහාර තොග ප්‍රමාණවත් නොවීම බව හඳුනාගෙන තිබේ.ඔවුන් හාමත් වනු ඇත.

තෙවැන්න අමතර කොටස් සපයා ගැනීමයි.ප්‍රායෝගිකව සිදුවහොත් ජනාවාස ඉදිරිපත් කිරීමේදී අමතර කොටස් අත්‍යාවශ්‍යම වන බව සිසුන් පෙන්වා දේ.නමුත් අඟහරු වෙත යෑමට මාස 9 ක් පමණ ගතවන හෙයින් අමතර කොටස් ඉල්ලන පරක්කුවෙන් සපයා දිය නොහැකි වාතාවරණයක් පවතින නියා එයද ගගනගාමීන්ගේ ජීවිත වලට මාරකයක් බව ඔවුන් කියයි.

මෙම ගැටළු වලට, විශේෂයෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවීමේ ගැටළුවට විසඳුම් මේ දක්වාම සොයාගැනීමට ලෝකයටම නොහැකිවී ඇති අවස්ථාවක මෙසේ ‘‘මාර්ස් වන්‘‘වැඩසටහන ගගනගාමීන් පිරිසක් අගහරු මත තනි කිරීමට යන්නේ කුමන අරමුණ ඇතිවදැයි පර්යේෂණය සිදුකළ සිසුන් විමසයි.

‘‘මාර්ස් වන් ‘‘ නිර්මාපකයෝ සිසුන්ගේ පර්යේෂණයේ ඇතැම් කරුණු හා එකඟ නොවූවත් සැළකිල්ලට ගත යුතු දේවල් බොහෝමයක් තිබෙන බව පිළිගෙන තිබේ.

ඔවුන් පවසන්නේ තමන් අගහරු වෙත යෑමට ‘‘හොඳම‘‘ සැළැස්ම නොව ‘‘හොඳ‘‘සැළැස්මක් ඉදිරිපත් කර තිබෙන බවයි.

2018 වසරේ ආරම්භ කිරීමට නියමිත වැඩසහටනින් මුලින්ම අගහරු මත යානා ගොඩබැස්වීමේ පහසුකම් ඇති කර 2024 වන විටදී මුල්ම ගගනගාමීන් පිරිස අගහරු වෙත යැවීම ‘‘මාර්ස් වන්‘‘හි අපේක්ෂාවයි.

1413190843034_wps_3_MarsOne_Farm5_BV_jpg 1413190850986_wps_4_mars_one1_jpg 1413191102133_wps_9_Local_Input_MUST_CREDIT_M



අදහස් (0)

අඟහරු යානය සොහොනක් වෙයිද?

තිලක් Tuesday, 14 October 2014 01:56 PM

රජින්ද රයිට් සහෝදරයොත් වැටිලා අත පය කඩා ගන්නේ මොකටද කියල නිකම් හිටියනම් ?(හේ)

:       0       0

දුමිත Tuesday, 14 October 2014 02:01 PM

මේ දශකයේත් බොරු බේගලයක් කරන්න අර අඳිනවද මන්දා.(හේ)

:       0       0

සන්ජීව Wednesday, 15 October 2014 06:20 AM

අපි සියල්ල අතාරින්ද උත්සහාය. (අ)

:       0       0

කරුණාජීව Thursday, 16 October 2014 09:35 AM

ඒක කියන්නත් බෑ.(හේ)

:       0       0

යසා Tuesday, 14 October 2014 02:45 PM

අගහරැ වෙත යන්න ඉන්න අයගෙ අනාගත බලාපොරොත්තු මොනවාද ? මෙචිචර ලස්සන ලෝකයක ඉදන් ලබාගන්න බැරි වුනේ මොනවාද..? අධික තන්හාව විනාශයට මුල වෙි.(හේ)

:       0       0

බන්දු Wednesday, 15 October 2014 07:09 AM

එහෙම නොවෙන්න ප්‍රර්ථනා කරමු.යම් දෙයක් සොයා ගන්නා ගමනක්නේ.(හේ)

:       0       0

නිහාල් Wednesday, 15 October 2014 08:07 AM

අඟහරුටත් අඟහරු අපල ලබන්නද යන්නේ? (හේ)

:       0       0

රුවන් Tuesday, 14 October 2014 03:59 PM

ඉක්මනට ගියොත් හොඳ ඉඩම් ටිකක් අල්ල ගන්න පුළුවන්?(හේ)

:       0       0

සුරාජ් Tuesday, 14 October 2014 04:06 PM

අගහරු මත සැගවුනු ජීවයක් පැවතුනොත්!(හේ)

:       0       0

රජිව් Thursday, 16 October 2014 03:32 AM

අඟහරු වල පදිංචි වුණොත් සුපිරි මිනිස්සු හදන්න පුළුවන් වේවි. මොකද මොළය තියෙන අය‍ට විතරනේ යන්න පුළුවන් (නි)

:       0       0

තිලාන් Tuesday, 14 October 2014 04:19 PM

කොච්චර දෙයක්ද ඔහොම යන එක. ලෝබකම නෙමෙයි, ඒ මිනිසුන්ගේ අනාගතය ගැන හිතලයි මෙයාලා වැඩ කරන්නේ. තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන්නේ නැහැ (නි)

:       0       0

අජිත් Thursday, 16 October 2014 04:01 AM

ඔය යන මුදල අහිංසක මිනිස්සු වෙනුවෙන් යොදවන්න බැරි මොකද ?විකාර වැඩ (අ)

:       0       0

කැලුම් Tuesday, 14 October 2014 06:00 AM

අගහරුට යන එක කෙසේ වෙතත් යන අය මගදීම පරලොව යයි.(හේ)

:       0       0

තරංග Thursday, 16 October 2014 12:19 PM

රජින්ද වගේ කට්ටිය ඉන්නකල් බො.බ.සේ ලංකාවේ තවත් රජ කරයි. මේකේ ප්‍රතිචාර කියවනකොට අපේ විද්‍යා අධ්‍යාපනය ගැන ඇත්තටම දුක හිතෙනවා. (ස)

:       0       0

සෝමා Tuesday, 14 October 2014 06:39 PM

එහාට යවන්න ඕනෑ අය නම් ලංකාවෙ ගොඩක් ඉන්නවා. (නි)

:       0       0

තිළිණ Saturday, 18 October 2014 06:19 AM

වැඩේ සාර්ථක වේවා.... (ස)

:       0       0

ඉරාජ් Tuesday, 14 October 2014 07:38 PM

උත්සහ කළොත් වටිනාකම අනාගතයට (නි)

:       0       0

කමල් Wednesday, 15 October 2014 11:52 AM

දැන දැන අමාරුවේ වැටෙන්නේ ඇයි.(හේ)

:       0       0

කාංචන Tuesday, 14 October 2014 09:24 PM

මෙය සාර්ථක වේවා! පෘථිවියට අනතුරක් වුණොත් යන්න පුලුවන් (නි)

:       0       0

නන්දන Wednesday, 15 October 2014 02:05 PM

මටත් ආසයි අගහරු යන්න.(හේ)

:       0       0

නලීන් Friday, 17 October 2014 05:16 AM

අපේ වගේ රටවල්වල මිනිස්සුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විචාර බුද්ධිය නැතිකම. මේක බුද්ධිය පිලිබඳ ප්‍රශ්නයකට වඩා අපේ සිතුම් පැතුම් පිලිබඳ ප්‍රශ්නයක්. සමහරු විද්‍යාව පිලිබඳ අධිතක්සේරුවකින් ඉන්නේ, සමහරු විද්‍යාත්මක දේවල් පිළිගන්නේ නෑ. අඟහරුමත පදිංචිය කියන්නේ අධිතක්සේරුවක්. මිනිස් සිරුර ගතින් මෙන්ම මනසිනුත් ගොඩ නැගී තියෙන්නේ පෘතුවියේ ජීවත් වෙන්න පුළුවන් විදියට. අභ්‍යවකාශගමින්ට ගොඩක් මානසික ගැටළු ඇතිවෙනවා දිගුකාලයක් අභ්‍යවකාශයේ හිටියම. නමුත් ගුවන්යානයක් හා ගුවන් ගමනක් කියන්නේ සාපේක්ෂව බොහොම සරල දෙයක්. විද්‍යාවේ සොයාගැනීම් අසීමිත නෑ. විශේෂයෙන් මිනිස්සුන්ගේ සීමාවන්ගෙන් විද්‍යාව නතර වෙනවා.(හේ)

:       0       0

රජින්ද Tuesday, 14 October 2014 10:39 AM

දෙවියනේ කියලා ඉඳලා, මැරිලා යන්න පුළුවන් ලෝකයක ඉපදිලා, අපා දුක් විඳින්න වෙනම ලෝකයකට යන්න බිලියන ගණන් වියදම් කරනවා. තාක්‍ෂණය දියුණු ඇති. ඒත් තාම ප්‍රායෝගිකත්වයෙන් සහ දුර දක්නා නුවණ අහිමි මිනිස්සු බව එයාලට තේරිලා නැහැ. (නි)

:       0       0

දුමින්ද Tuesday, 14 October 2014 11:02 AM

එය සාර්ථක වුවහොත්.(හේ)

:       0       0

භක්ති Wednesday, 15 October 2014 07:27 PM

මම දන්නා විදියට අඟහරුවල ජීවයට සුදුසු පරිසරයක් නැහැ. එම ලෝකය ජීවයෙන් තොරයි. පස් සහ ගල් පමණයි තිබෙන්නේ.මට නම් හිතාගන්න බැහැ ගහකොළ වවලා මිනිසුන්ට ඉන්න පුළුවන් වෙයිද කියලා (නි)

:       0       0

උදය Friday, 17 October 2014 07:12 AM

එහෙම වෙන්නේ නෑ.(හේ)

:       0       0

ඉෂාර Tuesday, 14 October 2014 11:26 AM

මේ ගමන සාර්ථක වේවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site