අඟහරු මතට මිනිසුන් යැවීම වාණිජමය පරමාර්ථයෙන් කිරීමට සැළසුම් කළ නෙදර්ලන්ත ජාතික ව්‍යවසායකයෙකු යටතේ ක්‍රියාත්මක වන ‘‘මාර්ස් වන්‘‘ වැඩසටහනෙහි දෝෂ රාශියක් ඇතැයිද අඟහරු මත ගත කරන දින 68 ක් අවසන යැවෙන සියලූ ගඟනගාමින් හුස්ම ගැනීමට නොහැකිව මිය යනු ඇතැයිද අලූත්ම පර්යේෂණයකින් හෙළිව තිබේ.
මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ ඇමරිකාවේ එම්.අයි.ටී ආයතනයේ සිසුන් පිරිසකි.ඔවුන් සොයාගෙන ඇති ආකාරයට වැඩසහටන නිර්මාණය කර ඇත්තෝ සළකා බලා නොමැති කරුණු රාශියක් තිබේ.
මාර්ස් වන් වැඩසටහනෙන් අඟහරු මතට ගගනගාමීන් පිරිසක් යැවීමට අපේක්ෂා කෙරෙන අතර අගහරු මත ජනාවාස තැනීමත්, ආහාර භෝග වගාවන් ආරම්භ කිරීමත් එම ගගනගාමීන්ට පැවරී තිබෙන වගකීම් වේ.කෙසේ නමුත් ඔවුන් අඟහරු වෙත යැවෙන්නේ ‘‘වන් වේ‘‘ ගමනකට වන අතර යළි පෘථීවිය වෙත ගෙන්වා ගැනීමක් සිදු නොවේ.
ගගනගාමීන්ට පැවරී තිබෙන වගකීම් ඔවුන්ටම පාරාවළල්ලක් වන බව පර්යේෂණය සිදුකළ සිසුන් කියයි.ආහාර භෝග වගාවන් සාර්ථක වුවහොත් ඒවායින් නිකුත් වන ඔක්සිජන් අධික ලෙස අගහරු වල වායුගෝලයට එක්වීමේ ප්‍රවණතාවක් තිබෙන බවත් එය වහා ගිනිඇවිලෙන සුළු පරිසරයක් නිර්මානය කිරීමේ සමත් බවත් ඔවුන් පෙන්වා දේ.
දෙවැන්න වන්නේ මෙසේ ආහාර භෝග වගාව ආරම්භ කරන තාක් කල් ගගනගාමීන්ට ආහාර සදහා ගෙනයන ආහාර තොග ප්‍රමාණවත් නොවීම බව හඳුනාගෙන තිබේ.ඔවුන් හාමත් වනු ඇත.
තෙවැන්න අමතර කොටස් සපයා ගැනීමයි.ප්‍රායෝගිකව සිදුවහොත් ජනාවාස ඉදිරිපත් කිරීමේදී අමතර කොටස් අත්‍යාවශ්‍යම වන බව සිසුන් පෙන්වා දේ.නමුත් අඟහරු වෙත යෑමට මාස 9 ක් පමණ ගතවන හෙයින් අමතර කොටස් ඉල්ලන පරක්කුවෙන් සපයා දිය නොහැකි වාතාවරණයක් පවතින නියා එයද ගගනගාමීන්ගේ ජීවිත වලට මාරකයක් බව ඔවුන් කියයි.
මෙම ගැටළු වලට, විශේෂයෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවීමේ ගැටළුවට විසඳුම් මේ දක්වාම සොයාගැනීමට ලෝකයටම නොහැකිවී ඇති අවස්ථාවක මෙසේ ‘‘මාර්ස් වන්‘‘වැඩසටහන ගගනගාමීන් පිරිසක් අගහරු මත තනි කිරීමට යන්නේ කුමන අරමුණ ඇතිවදැයි පර්යේෂණය සිදුකළ සිසුන් විමසයි.
‘‘මාර්ස් වන් ‘‘ නිර්මාපකයෝ සිසුන්ගේ පර්යේෂණයේ ඇතැම් කරුණු හා එකඟ නොවූවත් සැළකිල්ලට ගත යුතු දේවල් බොහෝමයක් තිබෙන බව පිළිගෙන තිබේ.
ඔවුන් පවසන්නේ තමන් අගහරු වෙත යෑමට ‘‘හොඳම‘‘ සැළැස්ම නොව ‘‘හොඳ‘‘සැළැස්මක් ඉදිරිපත් කර තිබෙන බවයි.
2018 වසරේ ආරම්භ කිරීමට නියමිත වැඩසහටනින් මුලින්ම අගහරු මත යානා ගොඩබැස්වීමේ පහසුකම් ඇති කර 2024 වන විටදී මුල්ම ගගනගාමීන් පිරිස අගහරු වෙත යැවීම ‘‘මාර්ස් වන්‘‘හි අපේක්ෂාවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජින්ද රයිට් සහෝදරයොත් වැටිලා අත පය කඩා ගන්නේ මොකටද කියල නිකම් හිටියනම් ?(හේ)
මේ දශකයේත් බොරු බේගලයක් කරන්න අර අඳිනවද මන්දා.(හේ)
අපි සියල්ල අතාරින්ද උත්සහාය. (අ)
ඒක කියන්නත් බෑ.(හේ)
අගහරැ වෙත යන්න ඉන්න අයගෙ අනාගත බලාපොරොත්තු මොනවාද ? මෙචිචර ලස්සන ලෝකයක ඉදන් ලබාගන්න බැරි වුනේ මොනවාද..? අධික තන්හාව විනාශයට මුල වෙි.(හේ)
එහෙම නොවෙන්න ප්‍රර්ථනා කරමු.යම් දෙයක් සොයා ගන්නා ගමනක්නේ.(හේ)
අඟහරුටත් අඟහරු අපල ලබන්නද යන්නේ? (හේ)
ඉක්මනට ගියොත් හොඳ ඉඩම් ටිකක් අල්ල ගන්න පුළුවන්?(හේ)
අගහරු මත සැගවුනු ජීවයක් පැවතුනොත්!(හේ)
අඟහරු වල පදිංචි වුණොත් සුපිරි මිනිස්සු හදන්න පුළුවන් වේවි. මොකද මොළය තියෙන අයට විතරනේ යන්න පුළුවන් (නි)
කොච්චර දෙයක්ද ඔහොම යන එක. ලෝබකම නෙමෙයි, ඒ මිනිසුන්ගේ අනාගතය ගැන හිතලයි මෙයාලා වැඩ කරන්නේ. තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන්නේ නැහැ (නි)
ඔය යන මුදල අහිංසක මිනිස්සු වෙනුවෙන් යොදවන්න බැරි මොකද ?විකාර වැඩ (අ)
අගහරුට යන එක කෙසේ වෙතත් යන අය මගදීම පරලොව යයි.(හේ)
රජින්ද වගේ කට්ටිය ඉන්නකල් බො.බ.සේ ලංකාවේ තවත් රජ කරයි. මේකේ ප්‍රතිචාර කියවනකොට අපේ විද්‍යා අධ්‍යාපනය ගැන ඇත්තටම දුක හිතෙනවා. (ස)
එහාට යවන්න ඕනෑ අය නම් ලංකාවෙ ගොඩක් ඉන්නවා. (නි)
වැඩේ සාර්ථක වේවා.... (ස)
උත්සහ කළොත් වටිනාකම අනාගතයට (නි)
දැන දැන අමාරුවේ වැටෙන්නේ ඇයි.(හේ)
මෙය සාර්ථක වේවා! පෘථිවියට අනතුරක් වුණොත් යන්න පුලුවන් (නි)
මටත් ආසයි අගහරු යන්න.(හේ)
අපේ වගේ රටවල්වල මිනිස්සුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විචාර බුද්ධිය නැතිකම. මේක බුද්ධිය පිලිබඳ ප්‍රශ්නයකට වඩා අපේ සිතුම් පැතුම් පිලිබඳ ප්‍රශ්නයක්. සමහරු විද්‍යාව පිලිබඳ අධිතක්සේරුවකින් ඉන්නේ, සමහරු විද්‍යාත්මක දේවල් පිළිගන්නේ නෑ. අඟහරුමත පදිංචිය කියන්නේ අධිතක්සේරුවක්. මිනිස් සිරුර ගතින් මෙන්ම මනසිනුත් ගොඩ නැගී තියෙන්නේ පෘතුවියේ ජීවත් වෙන්න පුළුවන් විදියට. අභ්‍යවකාශගමින්ට ගොඩක් මානසික ගැටළු ඇතිවෙනවා දිගුකාලයක් අභ්‍යවකාශයේ හිටියම. නමුත් ගුවන්යානයක් හා ගුවන් ගමනක් කියන්නේ සාපේක්ෂව බොහොම සරල දෙයක්. විද්‍යාවේ සොයාගැනීම් අසීමිත නෑ. විශේෂයෙන් මිනිස්සුන්ගේ සීමාවන්ගෙන් විද්‍යාව නතර වෙනවා.(හේ)
දෙවියනේ කියලා ඉඳලා, මැරිලා යන්න පුළුවන් ලෝකයක ඉපදිලා, අපා දුක් විඳින්න වෙනම ලෝකයකට යන්න බිලියන ගණන් වියදම් කරනවා. තාක්‍ෂණය දියුණු ඇති. ඒත් තාම ප්‍රායෝගිකත්වයෙන් සහ දුර දක්නා නුවණ අහිමි මිනිස්සු බව එයාලට තේරිලා නැහැ. (නි)
එය සාර්ථක වුවහොත්.(හේ)
මම දන්නා විදියට අඟහරුවල ජීවයට සුදුසු පරිසරයක් නැහැ. එම ලෝකය ජීවයෙන් තොරයි. පස් සහ ගල් පමණයි තිබෙන්නේ.මට නම් හිතාගන්න බැහැ ගහකොළ වවලා මිනිසුන්ට ඉන්න පුළුවන් වෙයිද කියලා (නි)
එහෙම වෙන්නේ නෑ.(හේ)
මේ ගමන සාර්ථක වේවා.(හේ)