IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අඟහරු යන්න න්‍යෂ්ඨික බලය එයි

අභ්‍යාවකාශ තරණයට න්‍යෂ්ඨික බලය යොදා ගැනිම කෙරෙහි නාසා ආයතනය අවධානය යොමුකැර ඇත. එම ආයතනය පවසන්නේ අඟහරුග්‍රහයා වෙත අනාගතයේ යවන රොකට්ටුවකට න්‍යෂ්ඨික බලය යොදා ගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටින බවයි.

විද්‍යාඥයන් පවසන්නේ සම්ප්‍රදායික රොකට්ටුවකට වඩා න්‍යෂ්ඨික බලය යොදා අභ්‍යාවකාශ ගත කරණ රොකට්ටුවක් බොහෝ සෙයින් වේගවත් වන බවයි. නාසා ඉංජිනේරුවන්ගේ සැලැස්ම වී ඇත්තේ මෙවැනි රොකට්ටුවක් යොදාගෙන 2033 දී අඟහරුවෙත ගගනගාමීන් යැවීමයි.

එවැනි රොකට්ටුවක බර ද සම්ප්‍රදායික රොකට්ටුවකට වඩා අඩුකරගත හැකි බවත් මේ හේතුවෙන් තෙරපුම් ශක්තිය වැඩිවන බවත් විද්‍යාඥයෝ කියති.

නාසා ආයතනයේ විද්‍යාඥයකුවන ආචාර්ය ස්ටැන්ලි බොරොව්ස්කි මේ රොකට්ටුව සැළසුම් කිරීමේ පුරෝගාමියාය. එය ඔහු විසින් කොපර්නිකස් ලෙස නම්කැර ඇත. ආචාර්ය බොරොව්ස්කි පවසන්නේ නව රොකට්ටුවේ භාණ්ඩ හා වාහන ගෙනයාමටත් කාර්ය මණ්ඩලයට යාමටත් වෙන වෙනම ස්ථාන සකසන බවයි. නාසා ආයතනය පවසන්නේ පෘථිවියේ සිට අඟහරුට ඇති සැතපුම් කෝටි හතරක දුර සම්පූර්ණ කිරීමට කොපර්නිකස් යානයට දින 100ක් ප්‍රමාණවත් වන බවයි. එසේ වුව ද කියුරියෝසිටි රොබෝ රෝවරය සහිත යානය අඟහරුවෙත යැවීමට දින 253ක කාලයක් ගතවූ බව ද නාසා ආයතනය කියයි. ඒ අනුව න්‍යෂ්ඨික බලය රොකට් තාක්ෂණයට යොදා ගැනීම පැරණි සම්ප්‍රදායික ක්‍රමයට වඩා දෙගුණයකටත් වැඩි කාර්යක්ෂමතාවක් ලබාගත හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ බලාපෙරොත්තු තබා සිටිති.

1.Corponicus



අදහස් (0)

අඟහරු යන්න න්‍යෂ්ඨික බලය එයි

චතුර Friday, 06 February 2015 04:30 AM

සැතපුම් කෝටි 4 ක් යන්නේ දින 100 කින්. හිතාගන්නත් බෑ තාක්ෂණයේ දියුණුව. ඉදිරියේදී එක දිනකින් යන්න පුළුවන් වෙයි.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 08 February 2015 04:14 AM

හැබෑටම,අපි යවපු රොකට් එකට මොකද වුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site