අඟහරුමත ඇති කියුරියෝසිටි රොබෝ රෝවරය එවූ ඡායාරූපයක රවුම් බෝලයක් වැනි හැඩයක් සහිත වස්තුවක් දක්නට ලැබෙන බව නාසා ආයතනය පවසයි. මෙය සෙන්ටිමීටර එකක් පමණ විශ්කම්භයක් ඇති වස්තුවකි.
නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ මෙය අඟහරුමත පවතින අද්විතීය කාලගුණික තත්ත්වයේ පිළිබිමුවක් යැයි විශ්වාස කළ හැකි බවයි.
අඟහරු පෘෂ්ඨය මත ද්‍රව්‍ය ඝනවීම හේතුවෙන් මෙවැනි රවුම් හැඩැති ද්‍රව්‍ය සෑදිය හැකි බව නාසා ආයතනය පවසයි. 2004 දී අඟහරුමත මෙවැන් රවුම් ද්‍රව්‍ය රාශියක ඡායාරූප නාසා ආයතනයට ලැබී තිබිණි. ඒවා හැඳින්වූයේ අඟහරු බ්ලූබෙරි යනුවෙනි. පසුගිය සතියේ ලැබුණ ඡායාරූපයක ට්‍රැෆික් ලයිට් වල හැඩයක් පෙන්නුම් කැරිණි.
ගෝලාකාර වස්තුව ඡායාරූපයට නගා ඇත්තේ කියුරියෝසිටි රෝවරය අඟහරුමත ගතකරන 753 වැනි දිනයේ දී ය. එහි මවුන්ට් ශාෆ් නමැති පෙදෙසේ රෝවරය ස්ථානගතව ඇත. මේ ප්‍රදේශය අඟහරු පෘෂ්ඨයේ වඩාත් චිත්තාකර්ශනීය පෙදෙසක් ලෙස හඳුනාගෙන ඇතැයි විද්‍යාඥයෝ කියති.
මේ පෙදෙසින් අඟහරුගේ ඉතිහාසය සම්බන්ධ වැදගත් සාක්ෂි ලබාගත හැකිවනු ඇතැයි ද පවසන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ අඟහරු ජීවයට නුසුදුසු වූයේ කෙසේ ද යන්න පිළිබඳව ද අධයයනය කිරීමෙන් පෘථිවියේ අනාගතය පිළිබඳව ද තීරණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර වගේ කෙනෙක් මම කවදාවත් දැකලා නැහැ (නි)
බුදුදහම බුද්ධිමතුන්ට පමණයි.නූගතුන් කියෙව්වට බුද්ධිමතුන් කලබලවිය යුතු නැත.බෝලය ගැන ඒ විද්වතුන් හොයා ගනීවි ඔබ කව්‍රුරුත් කලබල විය යුතු නැත. (අ)
මේක මගේ පොඩි එකාගෙ නැතිවුණ බෝලයද මන්දා? (නි)
කුමාරලා වගේ අය තවත් දෙන්නෙක් හිටියොත් ලංකාවම ඉවරයි. (අ)
කුමාර, ඔබ වැන්නවුන් සිටීම මුළු විශ්වයටම අභාග්‍යයකි. (නි)
කුමාර ගැන දුක හිතෙනවා. කුමාර ඔය ඉන්න ළිඳෙන් එළියට ඇවිල්ලා මුලින් බුද්ධ දර්ශනය ගැන හදාරන්න. ඊට පස්සේ අදහස් දක්වන්න. එතෙක් අපි ඔබට අනුකම්පා කරමු. (නි)
අග්ගඝන්න සුත්‍රය තුල පැහැදිලිව සියලු දේ සඳහන් වෙනවා ඒ වගේම ඒව දැන් අනාවරණය වෙනවා දැන් එන්න එන්නම බෞද්ධයෝ ඒ වගේ සුත්‍රයක් ගැනවත් දන්නේ නෑ (අ)
කුමාරට කියන්න හිතෙන දේවල් මෙතන ලියන්න අමාරුයි මට (නි)
ඔය කව්රුත් බුද්ධ දර්ශනය හරියට තේරුම් අරන් නෑ.යන්තම් අතපත ගාල වැඩක් නෑ.හරියට හොයන්න හිතන්න විමසන්න.පොත්පත් කියවන්න. බුද්ධ දර්ශනය කොච්චර විශාලද කියල.මම කියන්නෑ කාටවත් බුද්ධ දර්ශනයම පිළිගන්න කියල.හොයන්න හරිදේ පිළිගන්න.මම උදහරනත් දෙන්නම් පොත්ටික බලල. (ස)
මට හිතෙන හැටියට භක්ති කියන්නේ බුදු දහමට විරුද්ධ කෙනෙක් වගේ. ඔහු හෝ ඇය බුදු දහම හරිහැටි අවබෝධ කරගෙන නැති බව නම් පේනවා. (නි)
කුමාර , ඔබගේ බෞද්ධ දරශනය ගැන දැනුම කොතනද තියෙන්නේ කියන එක බුද්ධිමත් පාඨකයින් තීරණය කරයි. විද්‍යාත්මකව බොහොම අමාරුවෙන් හොයාගන්න දේවල් බුදු හාමුදුරුවෝ දේශනා කර තියෙන්නේ බොහෝ කලකට පෙරයි. (නි)
මේ රටවල් වල ඉන්න මිනිසුන්ගේ තියෙන්න උද්දච්චකම නිසා බුදුන්ගේ දහමේ නිවරදි බව ලෝකයට කියන්නේ නැහැ. මේ වියදම් කරන දනස්කන්දය බුදුදහම ගැන ලෝකය දැනුවත් කරා නම් මේ අද ඇතිවෙලා තිබෙන යුද තත්වයක් නොමැති පරිසරයට ආදරේ කරන්න මිනිසුන් වෙසෙන සුන්දර තැනක් වේවි (නදී)
මම බටහිර වෛද්‍යවරයෙක්. ඉස්සර මමත් බුදු දහමෙ විකාර ලෝක ගැන කතා තියෙන්නෙ කියල බැහැර කලා. නමුත් කලකට පසුව බුදුදහම ගැනහොදින් හදාරන්න ලැබුනා. ඇත්තටම ලෝකය ගැන බුදුන් වහන්සේගෙ මතය අතිවිශිෂ්ඨයි. බුදු දහමට අනුව ලෝකය කියන්නේ අපි කියනවා වගේ පස් ගොඩකට නෙමෙයි. එය ආයතන හය හරහා ගෝචරවන දෙයක්. එක එක් කෙනා තම තමන්ගේ ලෝකවල ජීවත් වෙන්නේ. (නදී)
බුදු දහම තුළ පවතින විද්‍යාත්මක කරුනු වලට විද්‍යාවට කිට්ටු වෙන්නවත් බැහැ. බුදුදහමින් තමයි කිව්වෙ ලෝකය ගෝලාකාර බව. මේව නොදන්නා අනුවණයො බුදු දහමට අභියෝග කරනවා. (නි)
කුමාර, ඔයා බුදුදහම ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. නොදන්නා දේවල් කියන්න එපා. (නි)
කුමාර කොහේද බුදු දර්ශනයේ හරයක් නැත්තේ .ලෝකය සියලු ආගම් වලින් දැනට මේ සිදුවන විනාශයන් හා ඔයාල වගේ අය බිහිවනවා කියල තියන්නේ බුද්ධ දර්ශනයේ පමණි(අ)
මට හිතෙන විදියට බුද්ධිමතුන්ට පහසුම දේ බුදු දහමේ එන මාර්ගයේ යන එක .එවිට ඒ හැමෝටම ඇත්තටම මුළු විශ්වය සහ ජීවිතය ගැන නියම විදිහටම කියන්න පුළුවන් වේවි. එතකොට මේ තරම් මුදල් සහ කාලය විනාශ කරන්න ඕනෑ නැහැ.නමුත් මේක කරන්න තාම ප්‍රමාද මොකද? (නි)
මේවා ගැන වාදකරලා වැඩක් නැහැ.සත්‍යය කවදාහරි ජය ගන්නවා. (නි)
අපේ අය ක්‍රිකට් ගහද්දී බෝලේ අඟහරු ලෝකෙට ගියාද දන්නේ නැහැ. (ස)
අනේ මන්දා! අඟහරු වල බෝලයක් තිබුණත් අපේ අය ආගම්වාදය පටලවා ගන්නවා. අාගම් වලින් මිනිසුන්ට සුගතියට යන මාවත විවරකර දුන්නද ආගම්වාදය නිසා මිනිසුන්ව අගතියට ඇදගෙන යනවා (නි)
ඇත්තටම බුදු දර්ශනයෙන් විශ්වය ගැන නිගමනයකට එන්න බැරිද ?(දී)
ඕක තමා ලෙනින් කිව්වේ , අද ආගම නිසා බොහෝ රටවල යුද්ධ , එකී නෙකා ඇන කොටා ගන්නවා බැන ගන්නවා , සියලුම ආගම් වලින් කියන්නේ නරක කරන්න එපා , හොඳ දේවල් කරන්න කියා , එහෙත් සිදු වන්නේ අනික් පැත්ත , මෙම ආගම් කර පින්නා ගත් අයගෙන් (අ)
බක්ති, ආගම් තියෙන්නේ භක්තිමතුන් සඳහායි. ඒවා විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොදාගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි, කිසිම ආගමක් විද්‍යාත්මකව ඔප්පු කරන්න යන්න හොඳත් නැහැ. මොකද, ආගමක් හරිද වැරදිද කියන එක විද්‍යාත්මක ඔප්පු කරන්න පුළුවන් ක්‍රමවේදයක් තවම නැහැ. (ස)
පිටසක්වල ජීවින් එහෙම ක්‍රිකට් ගහපු එකක්වත්ද? (ස)
කුමාර, බුද්ධ ධර්මය තේරුම් ගන්න බුද්ධිය අත්‍යවශ්‍යයයි, සමහරුන්ට ඕක කිසිම හරයක් නැති දෙයක් වගේ පෙන්නේ. (අ)
පවුකාරයින් සහ අනුවණයින් විශ්වය ගැන හෝ බුදුදහම ගැන නොදනිති. ඔවුන්ගේ මනස හෝ මොළය දියුණු නැත.ඔවුන්ට එම නිසා සිතීමට බුද්ධියක් හෝ ශක්තියක් නොමැත. ඔවුන් මෙම විශ්වය තුළ ඉපදෙමින් මැරෙමින් බොහෝ කාලයක් සැරිසරනු ඇත. (නි)
බුදු හාමුදුරුවෝ අපේ චක්‍රාවාටයට සහ තවත් ඉන් ඔබ්බට ඇති චක්‍රාවාට වල ජීවීන්ට ධර්මය පවා දේශනා කර ඇත. විශ්වයේ තව ජීවීන් සිටින බව උන්වහන්සේ දැන සිටියා. මෙම දේවල් අනාගතයේදී විද්‍යාවෙන් ඔප්පු වනු ඇත . (නි)
රාජුන් අභියෝගයක් කරලා තියෙන්නේ... දැන් කවුද ඒක බාරගන්නේ? (නි)
භක්ති, බුද්ධ දර්ශනයෙන් තමයි නියම විදියට මේ විශ්වය ගැන නිගමනයකට එන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මේ විශ්වය ගැන ලස්සනට දේශනා කරලා තියෙනවා. ඇත්තටම මේ විශ්වය ගැන හොයන උදවිය පළමුව විශ්වය ගැන තථාගතයන් වහන්සේ දේශනා කර තිබෙන දේවල් අවබෝධ කරගන්න උත්සාහ කළා නම් මේ උදවිය ඉන්නේ මීට වඩා ගොඩක් ඉස්සරහින් (නි)
කුමාර වගේ අය බුද්ධ කාලෙත් හිටියා (නි)
ස්වභාවිකව රවුම් වුණ ගල් ප්‍රථිවියේත් තියෙනවා ජලාශ වල පතුලේ එහෙම. ඒවා මතින් ජලය ගලායාම නිසා තමා ඒවා රවුම් වෙලා තියෙන්නේ.... (නි)
කුමාර බුදුදහම හරියට තේරුම්ගත් කෙනෙක් නෙමෙයි වගෙයි (නි)
ජොහාන්, ඒ කියන්නේ බුද්ධිය නැති අයට බුද්ධ දර්ශනය තේරුම් ගන්නට බැහැ කියලා නේද? නමුත් ලෝකයේ තිබෙන අනෙක් ඕනෑම ආගමක් දර්ශනයක් ලෙහෙසියෙන් ඉගෙනගන්නට තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා ඒවා අද ලෝකයේ ව්‍යාප්ත වෙනවා. සරලව ඉතා කෙටියෙන් පවසන්නේ එම ආගම් දර්ශන වලින් කෙනෙකු තමාගේ ජීවිතයට ආදරය කරන ආකාරයයි (නි)
අඟහරු ලෝකේ බෝලයක් තියනවා කිව්වාමත් අපේ කට්ටිය නැට්ට පාගාගෙන ඒක බුධාගමත් එක්ක සංසන්දනය කරන්න යනවා. ඒක මෝඩ වැඩක්. මගේ ආගමත් බුද්ධාගම. ඒක තමයි මේ ලෝකේ තියන හොඳම දර්ශනය කියන එක තමයි මගේ පුද්ගලික හැගීම. ආගම වෙනයි. නවීන විද්‍යාව වෙනයි. ඒ දෙක පටලගන්න නරකයි. බුදුහාමුදුරුවොත් කිව්වලු විශ්වයේ අනන්තය හොයන්න යන්න එපා කියලා. මොකද ඒක කාලේ කන වැඩක් නිසා. (නදී)
සෙන්ටිමීටරයක් කියන්නෙ ජිල් බෝලයක් සයිස්... ඒ කියන්නෙ අනිවාර්යෙන්ම අඟහරු වල හිටපු එවුන් ජිල් ගහල තියනව.. තව ටික දවසකින් හොයා ගනීද දන්නෑ ජිල් ආවෙත් අඟහරු වලින් කියල.... (ස)
කවුරුන් හෝ මගේ කාරුණික, යටහත් පහත් ඉල්ලීම ඉටුකිරීමට ඉදිරිපත් නොවීම ගැන ඉතාම සංවේගයට පත්වෙමි. මා ඉල්ලා සිටියේ බුදුරජාණන් වහන්සේ විශ්වය ගැන දේශනා කර ඇති කරුණු කීපයක් ඉතා සරලව මෙම තීරයේ පළකරන ලෙසයි. මම තාමත් බලාපොරොත්තු වෙනවා කවුරු හෝ එය ඉටුකරයි කියා. (නි)
ආරියසේන කියන විදියට මේකේ අදහස් දාලා තියෙන ඔක්කොම පණ්ඩිතයෝ ..ආරියසේන විතරයි බක පණ්ඩිතයා. (ස)
කුමාරගේ කථාවේ යම් සත්‍යතාවක් තියෙනවා. (නි)
"බටහිර විද්‍යාව" යනු බුදුන් වහන්සේ විසින් වදාළ "අවිද්‍යාව"යි. මුළු විශ්වයම ඇත්තේ මේ බඹයක් පමණ වන ශරීරයේම බවයි උන්වහන්සේ වදාළේ. බටහිර විද්‍යාව නිරතුරුවම උත්සාහ කරන්නේ බාහිර විශ්වය ගැන තේරුම් ගැනීමටයි. බුදුදහම නිරතුරු පෙන්වාදෙන්නේ ශරීරයේ අභ්‍යන්තරයයි. මේ දර්ශනවාද දෙක පටළවාගත් පුද්ගලයා නිවන දෙසට නොයයි (නි)
සෙන්ටිමීටරයක විෂ්කම්භය තියන ක්‍රිකට් බෝල නැහැනේ. මේක ටීක් බෝලයක් වෙන්න ඇති. (නි)
කුමාර, නොදන්නා දේවල් කියන්න එපා (නි)
කුමාර වගේ කට්ටිය බුදුන්ගේ කාලෙත් හිටියා. (නි)
හරි සන්තෝෂයි අද මට (නි)
මේ ලෝකයේ තව හොයන්න බැරි දේවල්, හොයාගෙන යන දේවල් කොච්චර තියනවද? බුදුපියාණන් වහන්සේ දෙසු ධර්මයේ පමණි, ලෝකයේ සත්‍යතාවය ඔප්පු කර තිබෙන්නේ. එනිසා මේ වගේ දේවල් ඕනෑතරම් වෙන්න පුළුවන්. අලුතින් හටගන්න සියලුදේද, ලොව තුළ පවතින සියලුදේද අනිත්‍යයි (නි)
කුමාර, ඔබ බෞද්ධයෙක් නම් 3 වසරේ ළමයෙක්ගෙන්වත් බුදුදහම ගැන දැනුමක් ලබාගන්න. අබෞද්ධයෙක් නම් නොදන්නා දේවල් ගැන විකාර දොඩවන්නෙ නැතුව අදහන ආගම හරියට අදහගෙන ඉන්න. විශ්වය ගැන බුදුරජාණන් වහන්සේ වසර 2500කට පෙර දේශනා කළ දේවල් තමයි අද නවීන විද්‍යාව විසින් ඔප්පු කරමින් ඉන්නෙ. (නි)
බුදුදහම වචනෙන් දෙකෙන් විස්කර කරන්න පුලුවන් නම් රාජුන් වගේ අභියෝගකාරයෙක් වුණත් දවසින් දෙකින් බුද්ධිමතෙක් කරන්න පුළුවන්. (නි)
සෙන්ටිමීටරයක්? (නි)
ඉතින් දැන් කවුරුහරි බෝලය ගැනත් ලියන්නකෝ (නි)
භක්ති, බැරි නැහැ පුළුවන්. ඒත් එක්තරා සීමාවකට පමණයි. (නි)
බක්ති, බුදු දර්ශනයෙන් කියා ඇති ලෝක නිකන් මනංකල්පිත විකාර, බුදු දර්ශනයෙ, කිසිම විද්‍යාත්මක පදනමක් හෝ හරයක් නෑ. (ස)
අඟහරු ලෝකෙට නිතර අාවගිය කෙනෙක් තමයි රාවණ රජතුමා. දැන් පිටරට කට්ටිය හොරකම් කරලා තියෙන්නේ අපේ තාක්ෂණය. කුමාර වගේ කට්ටිය නිසා තමා ලංකාවට මෙහෙම කල ගිහින් තියෙන්නේ. (ස)
කුමාර,ඔයාලා වගේ මොළයක් නැති හරයක් නැති දේවල් පස්සේ යන අයට නම් බුදුදහම හරයක් නැති දෙයක් තමයි. නමුත් බුද්ධියෙන් නුවණින් බුදුදහම දිහා බලන කෙනෙකුට මේ කියලා තියෙන දේ මහා ලොකු අරුමයක් නෙමෙයි (නි)
මේකේ ඉන්න ඔක්කොම දැන් විද්‍යාඥයෝ වෙලානේ. (නි)
කවුරු හරි උගතෙක් බුදුරජානන්වහන්සේ විශ්වය ගැන දේශනා කර වදාළ කරුණු කීපයක් මෙම තීරුවේ සරලව කෙටියෙන් පලකරන්න. එතකොට මේ වාද විවාද අවසන් වෙයි.(අ)
මේකේ ඉන්නේ ඔක්කොම අති පණ්ඩිතයෝනේ බලනකොට (නි)
බෞද්ධ දර්ශනයේ ගැඹුර සාමාන්‍ය නුවණක් ඇති අයට තේරුම් ගන්න අමාරුයි. වාද කිරීමෙන් පලක් නැහැ. පණ්ඩිතයො 1000 එක්ක වාද කළත් එක මොඩයෙක් එක්ක සාමාන්‍ය විදිහට කතා කරන්නත් අමාරුයි. (නි)
මේ කුමාරලා වගේ මිනිස්සු ලංකාවේ තියාගන්නවත් හොඳ නැහැ. බුදුදහම ගැන විවේචනය කරනවා. හැබැයි ඔය කියන දේවල් වලට සොබා දහමෙන්ම ඒ අයට දඩුවම් ලැබෙනවා ස්ථිරයි (නි)
මැටිපහන, බුද්ධ දර්ශනය ආගමක් නොවෙයි. බුද්ධ දර්ශනයේ විශ්වය පිළිබඳ නොයෙකුත් දේශනාවන් තියෙනවා. ඒ දේශනා සත්‍ය බව පසක් වෙමින් තියෙනවා. බුදු දහමේ හරය තමා මේ දුකින් පිරි සංසාරයෙන් එතෙර වීම පිණිස මනස දියුණු කිරීම. (ලෝකෝත්තර). රාවණා වැනි රජවරුන් මනස දියුණු කලා වෙනත් හැකියාවන් ඔස්සේ (ලෞකික). මමත් බුද්ධ දර්ශනය තවම හදාරනවා. සියල්ලන්ටම ලියන්නේ හැකි වෙලාවක මේ දර්ශනය පිළිබඳ කියවන්න. (අ)
බක්ති, මම දන්නා තරමින් ඔබේ ප්‍රශ්නයට පිළිතුර 'බැහැ' යන්නයි. (නදී)
බුද්ධාගම ආගමක් නොව, දර්ශනයකි. එය විද්‍යාවෙන් එහා ගිය විශ්ව සත්‍යයකි (නි)
තනි තනිව තමන් කළ නොකළ දේ ගැන හිතුවොත් සහ දියුණු වුණොත් පමණයි තමා දිනන්නේ. (නි)
කුමාර වගේ අය පාසල් ගිහින් නැද්ද මන්දා. සාමාන්‍ය දැනුම නැතිකම තමයි මේ (නි)
කුමාර, ඔබ බුදුදහම ගැන දැනුමක් ලබාගන්න. අබෞද්ධයෙක් නම් නොදන්නා දේවල් ගැන විකාර දොඩවන්නෙ නැතුව අදහන ආගම හරියට අදහාගෙන ඉන්න. විශ්වය ගැන බුදුරජාණන් වහන්සේ වසර 2500කට පෙර දේශනා කළ දේවල් තමයි අද නවීන විද්‍යාව විසින් ඔප්පු කරමින් ඉන්නෙ.බුද්ධ ධර්මය තේරුම් ගන්න බුද්ධිය අත්‍යවශ්‍යයි (නි)
කුමාර කතාකරන්නේ බුදුදහම ගැන අවබෝධයකින් නෙමෙයි (නි)
කුමාර, බුදු දහමේ හෝ කිසිම දහමක විද්‍යාත්මක පදනමක් තිබිය යුතුම නැහැ. අපි විද්‍යාව කියල කියන දෙය සැමදා වෙනස් වෙනවා. බොහෝ ධර්මයන් උත්සාහ කරන්නේ මිනිස් දැනුම ප්‍රමාණවත් නොවන ප්‍රශ්න වලට පිළිතුරු යෝජනා කිරීමටයි. මේ අතින් බුදුදහම අනෙක් ධර්මයන්ට වඩා ඉදිරියෙන් කියලා මට හිතෙනවා. ඒ නැතත් බුදු දහම විද්‍යාත්මක ගවේෂණය දිරිගන්වනවා මිස එයට අකුල් හෙලන්නේ නැහැ. ඔබ නවීන විද්‍යාවේ කියැවෙන කළු කුහර, සමාන්තර විශ්ව ගැන හිතන්නේ කුමක්ද? (නි)
කවුරුවත් මේ කුමාරට බනින්න එපා. පව් ඒ අසරණයා (නි)
ෂා...... කුමාර තප්පර ගණනකදී අඟහරු ලෝකෙට වඩා ජනප්‍රිය වුණානේ! (නි)
අනේ පව් අසරණයා කුමාර! නොදන්නාකමට කියලා තියෙන්නෙ. පව්! කාගෙහරි දරුවෙක්නෙ (නි)
ඔය කුමාරට බැනලා වැඩක් නැහැ. එයාගෙන් අපිට ආදර්ශයක් ගන්න පුළුවන්.ඒ තමයි ධර්ම සංගායනාවකට කාලය කියන එක. (නි)
අපේ අය ඉතුරු පරීක්ෂණ ටික කරයි
බෞද්ධ දර්ශණය ගැඹුරින් අධ්‍යනය කල හොත් විශ්වය පිළිබඳ නිගමනයකට පැමිණිය හැකි වුවත් බටහිර විද්‍යාඥයින් මැවුම්වාදය යන මුලාවේ පිහිටා සියල්ල නිගමනය කිරීමට යෑමෙන් ඔවුන්ගේ නිගමන වැරදි මතවාද බවට පත් වේ. (නදී)
පුෂ්පසිරි මහත්මයාගේ ප්‍රකාශය තුල විශාල සත්‍යයක් තියෙනවා, බුදු දහම වේගයෙන් පැතිරෙන්නේ නැත්තේ බුද්ධිමතුන් අඩු නිසා. බුදු දහම කියන්නේ විශ්වයේ පවතින සත්‍ය එහිදී කෙනෙක් මේක පිළිගන්නවා ද නැද්ද කියන එක අදාළ නැහැ. එහි ඇති ගැඹුරු භාවය නිසා ප්‍රචාරකවාදී ආගම ලෝකයේ තියෙනවා නමුත් පරම සත්‍යට ඒවා අදාළ නැහැ.(අ)
අපරාදේ කුමාර වගේ කෙනෙක් නිසා බුද්ධිමත් පාඨක අදහස් මේ සම්බන්ධව දැනගන්න තියෙන අවස්ථාව නැතිවෙනවා. බුද්ධ දේශනාවේ පිටසක්වලට යන හැටි කියල දීල තියෙනවා ඒගැන හොයන්න. (අ)
භක්ති, බුද්ධාගම එකක් විද්‍යාව තව එකක්. දෙක එකට පටලා ගත්තොත් කවදාවත්ම ගොඩ ඒමක් නැහැ. (නදී)