චීනයේ ගල් අඟුරු පතළක සිදු වූ පිපිරීමකින් 13දෙනකු මියගොස් ඇති බව චීන මාධ්‍ය පවසයි. පිපිරීම සිදුවන අවස්තාවේ පතලේ සේවය කරමින් සිටි 20 දෙනකු සම්බන්ධව කිසිම තොරතුරක් දැනගැනීමට නැතැයි ද වාර්තා වේ.

නිරිත දිග කොන්ජින් පළාතේ ජින්ශුවැන්ගු ප්‍රදේශයේ පෞද්ගලික හිමිකරුවෙකුට අයත් ගල් අඟුරු පතළක ගෑස් නළයක් පිපිරීමෙන් මෙම අනතුර සිදු වී ඇත. පතලේ සිරවී සිටින පුද්ගලයන් සොයා දිගින් දිගටම මෙහෙයුම් කටයුතු සිදු කරන බවද  අවට කුඩා පතල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට දැනුම් දුන් බව ද ජින්ශුවැන්ගු බලධාරීන් පවසයි.

Untitled-3 Untitled-4