
තමන් අගමැති නිල නිවසේ පදිංචියට ගිය බවත්, තමන්ට කිසිදු හොල්මනක් බාධා නොකළ බවත්, රාත්‍රියේ හොඳින් නිදා ගත් බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆමියේ කිෂිදේ කියයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේ, අගමැති නිල නිවසේ ගත කළ පළමු රාත්‍රිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ජපන් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ඉපැරණි මන්දිරයකි. 1936 දී ජපානයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. හමුදා සොල්දාදුවෝ අගමැති නිල නිවසට කඩා වැදී එහි සිටි රජයේ නිලධාරීන් කිහිප දෙනකු මරා දැමූහ.
එසේ මරා දැමුණු නිලධාරීන්, නිල නිවසේ හොල්මන් කරන බවට මතයක් පවතී. මේ හේතුව නිසා, කිෂිදේ ට පෙර අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ෂෙන්සෝ අබේ හෝ යොෂිදේ සූගා හෝ අගමැති නිල නිවසේ පදිංචියට ගියේ නැත.
වසර නවයකට පසු අගමැති නිවසේ පදිංචියට ගිය අග්‍රාමාත්‍යවරයා ලෙස සැලකෙන්නේ ෆමියේ කිෂිදේ ය. කිෂිදේ ට අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ මීට මාස කීපයකට පෙරය.
'මට හොඳට නින්ද ගියා. හොල්මන් බාධා කළේ නැහැ.' යැයි කිෂිදේ මාධ්‍ය හමුවේ කියා සිටියේ, 'අගමැතිතුමා හොල්මන් දැක්කේ නැද්ද?' යැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සිනහ මුසුව පිළිතුරු දෙමිනි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැති හොල්මන් මැදුරේ පදිංචියට