ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රිතාන්‍යය බලා යෑමට නියමිතය. ඒ සිවු දින නිල සංචාරයක් සඳහාය.

අග්‍රාමාත්‍ය මෝදි බ්‍රිතාන්‍යට යන්නේ, ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගනිමින් නව වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමේ අරමුණින්ය.

වසර 2030 වන විට ද්විපාර්ශ්වික වෙළඳාම් ඩොලර් බිලියන 60 සිට දෙගුණ කිරීමට මග පෑදීමට නියමිත ඉන්දු - බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුම විධිමත් කිරීමට ද නියමිතය.